Menu

මෛත‍්‍රීට ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි යෝජනා කෙරේ..

January 19, 2018

ආණ්ඩුව කටයුතු කරන ආකාරය හේතුවෙන් උද්ගතවී ඇති තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන කාලයේදී ඔහුට වැරැද්දූ මැති ඇමැතිවරුන්ම වත්මන් ජනාධිපතිවරයාටද උපදෙස් දෙන බැවින් ආණ්ඩුවේ ගැටලු පැනනැඟී ඇති බවද හෙතෙම කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂය කොළඹදී පැවැත් වූ මාධ්‍ය හමුවකදීය.

මහින්ද රාජපක්‍ෂ මහතාට සිය ජනාධිපති පාලනය තුළදී නීති උපදෙස් ලබාදුන් ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා වත්මන් ජනාධිපතිවරයාටද නීති උපදෙස් දෙන බැවින් මේ වන විට නීතිමය ගැටලු පවා හටගෙන ඇති බවත් අබේවර්ධන මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

‘දැන් මේ රජය පණ අදින කාලේ. ඒ කාලෙට විවිධ ගැටලු මතුවෙනවා. මේ සිදුවෙන්නේ ඒක තමයි. ඒකනේ කැබිනට් එකේදී නැඟිටලා යන්න වෙන්නේ. මේ රට විනාශ කරන්නේ නැතිව ජනතාවට කැමැති රජයක් පත්කර ගන්න ඉඩදීලා ජනාධිපතිතුමා යන්න ඕන.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා එතුමට වැරදුණා වාගේ මේ ජනාධිපතිටත් වරදින්න පුළුවන් කියලා කිව්වේ අත්දැකීමෙන්’ යැයිද මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කෙළේය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක