Menu

රංජිත් ද සොයිසා ශ‍්‍රීලනිප ධුරයෙන් ඉවත් කෙරේ..

January 19, 2018

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ රක්‌වාන ආසන සංවිධායක ධුරය දැරූ ඒකාබද්ධ විපක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා ඊයේ (18 දා) එම සංවිධායක ධුරයෙන් ඉවත් කර ඇත.

ඒ වෙනුවට රක්‌වාන ආසනයේ නව සංවිධායක ධුරයට කේ. ජී. උපාලි චන්ද්‍රසේන මහත පත් කර තිබේ.

මේ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා කියා සිටියේ ජනාධිපතිවරයා එ. ජා. ප. ය සමග හවුල් ආණ්‌ඩුවක්‌ පිහිටුවීමේදී ඊට විරුද්ධව හිටපු ජනපති මහින්ද රාජපක්‌ෂ මහතා සමග විපක්‌ෂයේ ඉඳගන්නා බවට මුලින්ම ප්‍රකාශ කළ තමාගේ සංවිධායක ධුරය අහිමි කිරීම පුදුමයක්‌ නොවන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා 2006 වසරේදී රක්‌වාන ආසන සංවිධායක ධුරයට පත් කරන ලදී.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක