Menu

චිචාරකයින් පවා පැසසූ ‘තිසර’ ගේ සටන්කාමී වෑයම අපතේ යයි..

January 17, 2018

බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර ඩකාහිදි අද (17 වැනිදා) පැවැත්වු තරගයෙන් ලකුණු 12ක තියුණු ජයක් හිමිකරගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 291ක ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48.1කදී සියලු ක‍්‍රීඩකයින් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 278ක් පමණි

එහිදී කඩාවැටුණු ඉනිමට ජීවය දුන් තිසර පෙරේරා කිසිදිනක නොදුටු ඉවසිලිවන්ත පිතිහරඹය නිරත වෙමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා යාමට උත්සාහ කරමින් වේගවත් ප‍්‍රහාරයක් දියත් කළ අතර ලකුණු 64ක් ලබා ගත්තේය.

විස්තර විචාරකයින්ගෙන් පවා පැසසුම් ලද පන්දු 37කදී වාර්තා වු එම ඉනිම හයේ පහර 03කින් හා හතරේ පහර 05කින් අලංකාර විය.

කුසල් පෙරේරා සමගින් පළමු කඩුල්ල සදහා ලකුණු 46 ක සම්බන්ධතාවයක් පැවැත්වූ උපුල් තරංග ලකුණු 11 කට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල ලෙස ලකුණු නොලබාම දැවි යනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 47 ක් ලෙස දිස්විය.

ආරම්භයේදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වුවද පසුව කඩුල්ල ආරක්ෂා කරගනිමින් තැන්පත් පිතිහරඹයක නිරතවු කුසල් පෙරේරා ලකුණු 80 ක් රැස්කර සිටියදි බ්ලෙසින් මුසරබානි වෙත ලබාදුන් උඩපන්දුව රැකගැනිම හේතුවෙන් ඔහුගේ ඉනිම අවසන්විය. සිය 9 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත් කුසල් පෙරේරා පන්දු 83 කට මුහුණදුන් අතර ඔහුගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය.

ලකුණු 57 දී සොලමන් මීරේට ලබාදුන් උඩපන්දුව සහ ලකුණු 77 දී පන්දු යැවූ ග්‍රේඒම් ක්‍රීමර් අතට නැවත ලබාදුන් උඩපන්දුව අතහැරීම හේතුවෙන් කුසල් පෙරේරාට දෙවතාවක් කඩුල්ලේ රැඳී සිටීමට වාසනාව හිමිවිය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක ඇන්ජාලෝ මැතිව්ස් ලකුණු 42ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 34ක් රැුස් කළේය.

පන්දු යැවීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක්වු චතාරා ලකුනු 33කට කඩුලු 04ක්ද, කේල් ජාවේස් ලකුණු 56කට කඩුලු 02ක්ද බිද හෙලූහ

පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 290 ක් රැස්කිරීමට සමත්විය. සිම්බාබ්වේ පිතිකරුවන් හමුවේ දැඩි ප්‍රහාරයකට ලක්වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවසන් ඕවර 10 තුළදී ලකුණු 76 ක් ලබාදී ඇති අතර දවාගැනීමට හැකිවූයේ කඩුලු 2 ක් පමණි.

ලකුණු 34 ක් ලබාසිටියදි තිසර පෙරේරාගේ පන්දුවකට සොලමන් මීරේ ගැසූ පහරකින් ඉහළ නැගි පන්දුව කුසල් මෙන්ඩිස් විසින් රැකගැනීමත් සමගින් හැමිල්ටන් මසකඞ්සා සමගින් පන්දු 78 කදී පැවැත්වූ ලකුණු 75 ක පළමු කඩුල්ලේ සම්බන්ධතාවය බිඳ වැටුණි.

තවත් ලකුණු 10 ක් සිම්බාබ්වේ කණ්ඩායමට එක්වන විටදි දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 2 ක් ලබාසිටි ක්‍රෙග් අර්වින් පිටියෙන් ඉවත් කිරීමට සුරංග ලක්මාල් සමත්විය. 2017 වසරේදී තරග පරාජයන්ට ප්‍රධාන හේතුව වූ දුර්වල පන්දු රැකීම මෙම වසරේදී ද ඉදිරියට ගෙන යමින් ක්‍රෙග් අර්වින් ලකුණු ලබාගැනීමට පෙර ලබාදුන් උඩපන්දුව දෙවැනි ස්ලිප්හි පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් අතින් ගිලිහි ගියේය.

ලකුණු 10 ක් ලබා සිටියදි අකිල ධනංජය යැවූ පන්දුවකට කඩුල්ල මුවා කළේ යැයි කළ ඉල්ලීමකට ප්‍රධාන විනිසුරු විසින් දැවීයාමක් ලෙස නම් කළද ඉන් සැහිමකටෙ පත්නොවූ බ්‍රෙන්ඩන් ටේලර් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියේය. තෙවැනි විනිසුරු විසින් පුණරූපන නැරඹීමේදී පන්දුව පිත්තේ යම්තමින් ගෑවී යන ආකාරයක් දිස්වීම හේතුවෙන් බ්‍රෙන්ඩන් ටේලර් නොදැවී ගිය පිතිකරුවකු ලෙස නම් කළේය.

සිය 32 වැනි එක්දින අර්ධ ශතකය පන්දු 58 කදී ලබාගත් හැමිල්ටන් මසකඞ්සා ලකුණු 73 කදී පිටියෙන් ඉවත් කිරීමට අසේල ගුණරත්න සමත්විය. අතිරේක ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට ලබාදුන් උඩපන්දුව රැකගැනිම නිසා දැවීගිය හැමිල්ටන් මසකඞ්සා පන්දු 83 කට මුහුණදුන් අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 10 ක් ඇතුළත් විය.

වේගවත් පිතිහරඹයක නිරතවූ සීකන්දර් රාසා සිම්බාබ්වේ කණ්ඩායම ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට දායක වෙමින් පන්දු 67 කදී ලකුණු 81 ක් නොදැවී රැස්කළ අතර ඔහුගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර අටකින් අලංකාර විය.

මැල්කම් වොලර් සමගින් පස්වැනි කඩුල්ල සදහා ලකුණු 57 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ සීකන්දර් රාසා හයවැනි කඩුල්ල සදහා පිටර් පුවර් සමගින්ද පන්දු 39 කදි ලකුණු 61 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්විය.

පන්දු යැවීමේදි තිසර පෙරේරා ලකුනු 43කට කඩුලු 02ක්ද අසේල ගුණරත්න ලකුණු 37කට කඩුලු 03ක්ද දවා ගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක