Menu

මහින්ද පාලනයට රනිල්ටත් වඩා අපි විරුද්ධ වුණා….., අපෙන් අහන්න එපා පාලම් බෝක්කු හැදුවා ද කියලා….?

January 17, 2018

ජනතාව බාර දුන් විපක්ෂයේ සිටිමින් රාජපක්ෂ සමයේ එම පාලනයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයට ද වඩා සක්‍රිය කාර්යයක් ඉටු කල බව ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

අම්බන්ලන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

“මේ රටේ ජනතාව අපිට හැමදාමත් බාර දුන්නේ මොන රෝල් එකද? ආණ්ඩුවේ රෝල් එකද? අපිට බාර දුන්නා නම් අපි ආණ්ඩුවේ රෝල් එකකරනවා. හැබැයි අපිට භාර දුන්නේ විපක්ෂයේ රෝල් එක. එක්සත් ජාතික පක්ෂය 1994 ඉදන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ හිටියාට අපිට වඩා වැඩි මන්ත්‍රිධූර ප්‍රමාණයක් තිබුණා. විපක්ෂයේ අඩු මන්ත්‍රි ප්‍රමාණය හිටියේ අපි ගාව. හැබැයි ජනතාව අපිට පැවරූ භූමිකාව අපේ අඩු මන්ත්‍රි ප්‍රමාණයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්යෂට වඩා වැඩි අයුරින් රාජපක්ෂ පාලනයට වඩා අපි නිසි අයුරින් ඉටුකරලා තියනවා.”

“වර්තමාන පාලනයේදිත් එහෙමයි. ජනතා විරෝධි ක්‍රියාමාර්ගවලට එරෙහිව අපි විපක්ෂයේ භූමිකාවට පන පොවනවා. ජනතාව විපක්ෂය අපිට බාර දීලා අහන්න එපා. ඔය ගොල්ලෝ පාලමක් හැදුවද? බෝකුවක් හැදුවද? වාරයක් හැදුවද? කියලා. අපෙන් අහන්න ඕන අපි ඔය ගොල්ලන්ට විපක්ෂය බාර දුන්නා. ඒ කොටස හරියට ඉෂ්ට කළාද කියලා අහන්න. හැබැයි තමුන්නාන්සේලා තීරනය කරන්නේ කොතනද ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩුව බාර දෙන්න එදාට අපි ආණ්ඩුවtට ඇවරි තිබෙන කාර්‍යභාරය නිසිපරිදි ඉෂ්ට කරනවා,”ඔහු පවසා සිටියා.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක