Menu

ශ‍්‍රී ලංකා පන්දුයවන්නෝ අසරණ වෙති..ප‍්‍රතිවාදීන්ගෙන් ප‍්‍රබල ඉලක්කයක්..(UPDATE)

January 17, 2018

බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර ඩකාහිදි අද (17 වැනිදා) පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 06ක් දැවී ලකුණු 290ක් ලබා ගැනීමට සමත් වුයේය.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ ආරම්භක පිතිකරු හැමිල්ටන් මසකඩ්සා පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමගින් ලකුණු 73ක් ලබාගත්තේය.

සාර්ථක ආරම්භයක් ලබාගත්  ආරම්භක පිතිකරුවන්වූ මසකඞ්සා සහ සොලමන් මීරේ(34) පළමු කඩුල්ල සදහා පන්දු 78 කදී ලකුණු 75 ක සම්බන්ධතාවයක් ගොඩ නැගූහ.

බ්‍රෙන්ඩන් ටේ‍්‍රලර්(38) සමග එක්වෙමින් තෙවැනි කඩුල්ල සදහා ලකුණු 57ක සම්බන්ධතාවක් පවත්වමින් සිම්බාබ්වෙ ඉනිමට සවිමත් පදනමක් සකස් කරදුන් මසකඩ්සා අසේල ගුණරත්නගේ පන්දුවක් හමුවේ දැවී ගියේය

මසකඩ්සා ලබාදුන් සාර්ථක ආරම්භය සාර්ථකව අවසන් කරමින් මෙම තරගාවලියේ නොකඩවා ලබාගත් දෙවැනි අර්ධ ශතකය වාර්තා කරමින් සුපිරි ඉනිමක් ක‍්‍ර‍්‍රීඩා කළ සිකන්දර් රාසා එක් හයේ පහරක් හා හතරේ පහර 08ක් සමගින් නොදැවී ලකුණු 81ක් රැස් කළහ.

පීටර් මුර් සමග එක්වෙමින් හයවැනි කඩුල්ල සදහා වේගවත් ලකුණු 61ක් එක් කිරීමට රාසා සමත් වු අතර  මූර් ලකුනු 19ක් රැස් කළහ.

පන්දු යැවීමේදි  තිසර පෙරේරා ලකුනු 43කට කඩුලු 02ක්ද අසේල ගුණරත්න ලකුණු 37කට කඩුලු 03ක්ද දවා ගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

ඉන්දිය සංචාරයෙන් ඉවත්කර සිටි දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස්ට නැවතත් කණ්ඩායමේ 11 දෙනා ස්ථානයක් හිමිවීමත් සමගින් ධණුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ට කණ්ඩායමේ ස්ථානය අහිමිවී ගියහ.

බංග්ලාදේශය සමගින් පැවැති තරගය පරාජයට පත්වුවද කණ්ඩායමේ වෙනසක් සිදුනොකිරීමට සිම්බාබ්වේ කණ්ඩායම තීරණය කර ඇත.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක