Menu

ජනපතිට බැරිනම් රනිල් ජනපති වෙන්න සූදානම්..  හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක් කැදවයි..

January 17, 2018

එක්සත් ජාතික පක්‍ෂය සමග තව දුරටත් ආණ්ඩු කිරීමට ජනාධිපතිවරයා අකමැති නම් වහා එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රීන් විසින් පක්‍ෂ නායකත්වයට දැඩි බලපෑම් කරමින් ඇති බව සමාජ ජාලාවන්හි වාර්තා පලවෙයි.

ඊයේ (16) දිනයේ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයෙන් නැගිට ගොස් එජාපයට විරෝධය පෑමත් සමග පස්වරුවේ සිට මෙම බලපෑම් තවත් වැඩිව ඇති බව සදහන්ය.

ජනාධිපතිවරයාට ධුරය දරන්නට බැරි නම් ඉන්ද ඉල්ලා අස්වන ලෙසත් ව්‍යවස්ථානුකූලව ඉතිරි ධුර කාලය අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බාර ගැනීමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා දිගින් දිගටම විවේචනය කරන ලද එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු සදහන් කර ඇතැයිද කියැවෙයි.

මේ අතර ඇතිව තිබෙන දේශපාලන තත්වය සම්බන්ධයෙන් සාකච්චා කිරීම සදහා එක්සත් ජාතික පක්‍ෂය විසින් අද (17) දිනයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්චාවක් කැදවා ඇත.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක