Menu

ලංකාවට එන මෝදිගේ ආරක්ෂාවට තර්ජනයක්!

May 9, 2017

( Breaking News.lk ෆේස්බුක්  පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

මෙරට සංචාරයකට පැමිණෙන ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි මහතා කදුරට වතුකරයේ ද සංචාරය කිරීමට නියමිත අතර එහිදී වතුකර ප්‍රදේශයේ ව්‍යාප්තව ඇති බඹරුන්ගෙන් ඒ මහතාට ප්‍රහාරයක්‌ එල්ල වෙතැයි යන සැකය මත එම බඹර ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

මෝදි මහතාගේ ආරක්‍ෂාව තහවුරු කිරීමේ කටයුතුවල නිරත පොලිස්‌ දෙපාර්තමේන්තුව ඒ සඳහා පොලිස්‌පතිවරයාගේ උපදෙස්‌ මත හැටන් පොලිස්‌ අධිකාරි කාර්යාලය මගින් මෙම බඹර ඉවත් කිරීමට බිඟු සම්පත් සුරැකීමේ සංවිධානයේ සහාය ලබාගෙන ඇත.

හැටන් නෝර්වුඩ් ප්‍රදේශයේ ග්ලැන්කන් රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය විවෘත කිරීම මෙම මස 12 වැනිදා ඉන්දීය අගමැතිවරයා අතින් සිදුකිරීමට නියමිත අතර ඒ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ද සහභාගිවීමට නියමිතය.

එහිදී මහජන හමුවක්‌ ඇතුළු වැඩසටහන් රැසක්‌ ද හැටන් ප්‍රදේශයේ පැවැත්වේ.

ඉන්දීය අගමැතිවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපති, අගමැති ඇතුළු ප්‍රභූන් පැමිණෙන හෙලිකොප්ටර් යානා නැවැත්වීම සඳහා හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයත්, හයිලන්ඩ් ක්‍රීඩාංගණයත්, හැටන් දරවල ක්‍රීඩාංගණයත් සූදානම් කර ඇති අතර හෙලිකොප්ටර් යානා මෙම ක්‍රීඩාංගණ වෙත පාත් කිරීමේදී අවට රූස්‌ස ගස්‌වල බැඳ ඇති බඹරුන් ඇවිස්‌සී ප්‍රහාර එල්ල වීමට ඉඩකඩ ඇති බැවින් මෙම බඹර වද ඉවත් කිරීම සිදුවේ.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක