Menu

යහපාලන ආණ්ඩුව දෙදරයි..ජනපති කැබිනට් රැස්වීමෙන් නැගිට යයි..(EXCLUSIVE)

January 16, 2018

අද පැවති කැබනට් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී උණුසුම් තත්වයක් හට ගෙන හට ගෙන තිබෙන බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි

කැබිනට් රැස්වීම ආරම්භයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය විනාශ කරන බවට සහ බැඳුම්කර වංචාව සමබන්ධයෙන් කොමිසමක් පත්කිරීම සමබන්ධයෙන් එ.ජා.ප ඇමතිවරුන් තමාව විවේචනය කරන බවයි.

එසේ විවේචන කරනවානම් තනියෙන් ආණ්ඩුව කරගන්නා ලෙස එ.ජා.ප ඇමතිවරුන්ට පවසමින් ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමෙන් පිටත්ව ගොස් තිබෙනවා.

නමුත් ඉන් පසු ජනාධිපතිවරයා හමු වූ අග්‍රමාත්‍ය සහ ඇමතිවරුන් පිරිසක් සාකච්චා කිරීමෙන් පසු නැවත ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමට කැඳවාගෙන ඒමට හැකි වුණා.

ජනාධිපතිවරයා  එහිදී පවසා ඇත්තේ කිසිදු පක්ෂයක් විනාශ කිරීමේ වුවමනාවක් නැති බවයි.

පසුගිය දින කිහිපය තුළ එ.ජාපයේ හරීන් පනාන්දු,මරික්කාර් සහ සුජීව සේනසිංහ ඇතුළු මැති ඇමතිවරුන් ජනාධිපතිවරයාව දැඩි ලෙස විවේචනය කරුණු දක්නට ලැබුණා

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක