Menu

ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කළ සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය, ප්‍රේක්ෂක හදවත් කඳුලින් පුරවයි – (Photos)

January 16, 2018

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට වෙනම රිද්මයක් හඳුන්වා දීමට පුරෝගාමී පුද්ගලයා කවුරුන්ද යන්න ප්‍රශ්නයට නැගුවහොත් ලැබෙන පිළිතුරු වලින් බොහොමයක සනත් ජයසුරිය යන නම තිබෙන්නට හැක.මන්ද ක්‍රිකට් ක්‍රීඩාව පන්දු යවන්නන් විනාශ කරන ක්‍රීඩාවක් බවට පත් කිරීමේ සැලසුම ක්‍රියාත්මක කිරීමට සනත් මහත් දායකත්වයක් ලබාදුන් අතර ඔහු එම රටාව එක්දින පිටියට පමණක් සීමා නොකර ටෙස්ට් තරඟවලටද රැගෙන ආ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ලැබූ ජයග්‍රහණ රැසක් පසුපස එම රිද්මය තිබුන බව සැමදෙනාම දන්නා කරුණකි.

එසේ ශ‍්‍රී ලංකාව ලෝකයේ ප‍්‍රබල රටවල් අතරින් ඔසවා තැබු සනත් පසුගිය කාලයේ දරුණු දණහිසේ ආභාදයකින් පීඩා විඳි අතර ඔහුට තනිව ඇවිදගන්න බැරි තැනට පත්වී ඇති බවද එම තත්වයට අදාළ ප්‍රතිකාර ගැනීම සඳහා සනත් ඔස්ට්‍රේලියාවට පිටත් වු බවද අපි ඔබට මීට පෙර වාර්තා කළා.

කෙසේ වෙතත් මේ වන විට ජයසූරිය ඔහුගේ දණහිසට ශල්‍යකර්මය සිදු කර ඇති අතර ඔහු ප‍්‍රතිකාර ලබා රෝහල්ගතව සිටින ජායාරූප පෙළක් විදෙස් මාධ්‍ය පළකර තිබුණා

මේ සුපිරි ක්‍රීඩකයාගේ එම ඡායාරූපය දුටු හුඟදෙනෙකුට දෙනෙතට කඳුලක් එක්වී තිබුණේ ඔහුට ඇති ආදරය නිසාමයි.

මීට වසර 10 කට පෙර මෙවැනි අබාධයක් සනත්ට වුනානම් තත්වය කෙලෙස වෙනස් වෙනු ඇත්ද,සියලු මාද්‍ය අබාධය කුමක්ද කවදා සුවවේද යන්න පුවත් නිරන්තරයෙන් පලකරනු ඇති අතර ක්‍රීඩා ලෝලීන්ද දැඩි උනන්දුවෙන් ඒවා කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

ඔහු ලකුණු දසදහසට සහ කඩුලු 300ට වඩා ලබාගත් එකම ක්‍රිකට් ක්‍රීඩකයා වෙයි. ඔහු කලෙක වේගවත්ම ශතකයට හිමිකම් කියූ පුද්ගලයාය. ඔහු කලෙක සිය රට වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු රැස් කළ පුද්ගලයාය. රටක් ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ක්‍රීඩා ආකෘතීන් තුළ ලබා ගත් වැඩිම ලකුණු හිමිකම් සටහනෙහි කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පුද්ගලයාය. ඒ තරග තුනෙහිම තරගයේ වීරයාද වෙයි. 1996 වසරේදී ලෝක ශූරයන් වූ කණ්ඩායම නියෝජනය කළ ඔහු තරගාවලියේ වීරයාය.

සනත් ඔබ අපට හැමදා වීරයෙකි ..ලෝකයේ ශ්‍රී ලංකාවට ක්‍රිකට් සලකුණක් සකස් කරදුන් ඔබට අප ඉක්මන් සුවය පතමු.!

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක