Menu

මෙවර IPL වෙන්දේසියේ වැඩිම මුදලකට අලෙවි වන ක්‍රීඩකයන් 5 දෙනා මෙන්න – (Photos)

January 12, 2018

මෙවර අයි.පී.එල් තරගාවලියේ ක‍්‍ර‍්‍රීඩක වෙන්දේසිය ලබන 27 හා 28 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත අතර මෙවර වෙන්දේසියට ඉදිරිපත් වී සිටින ක්‍රීඩකයන් අතරින් වැඩිම මිලක් හිමිවනු ඇතැයි අපේක්ෂා කරන ක්‍රීඩකයන් පස් දෙනෙකු පිළිබඳව ඉන්දීය මාධ්‍ය ඉගි පළ කරනු ලබනවා

එම ක්‍රීඩකයන් පස් දෙනා වන්නේ..

1. ක්‍රිස් ලින් – 27 හැවිරිදි ක්‍රිස් ලින් මේ දිනවල පැවැත්වෙන ඔස්ට්‍රේලියා බිග්බෑෂ් 20-20 තරගාවලියේ තරග කිහිපයකට තරග කළ අතර අබාධයක් හේතුවෙන් මේ වන විට කණ්ඩායමෙන් ඉවත් වී තිබෙනවා.ප‍්‍රහාරාත්මක ක‍්‍රීඩකයකු ලෙසට නම් දරා සිටින ක‍්‍රීස් ලින් පෙර වසරේ කල්කටා කණ්ඩායමට ක‍්‍රීඩා කරනු ලැබුවා

2. කොලින් මුන්රෝ – නවසීලන්ත ක්‍රීඩක කොලින් මුන්රෝ බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවති 20-20 තරගාවලියේදී සුපිරි දක්ෂතා ප්‍රකට කළ අතර ශතකයක්ද වාර්තා කිරීමට සමත් වුණා.

3. එවින් ලුවිස් – ප්‍රහාරාත්මක බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ලුවිස් 20-20 සහ එක්දින පිටියේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන අතර දැවැන්ත පහරවල් එල්ල කිරීමට ඔහු ප්‍රකට ක්‍රීඩකයෙක්.

4. රෂීඩ් ඛාන් – ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් නැගී එන ක්‍රීඩකයන් අතර ලොව සිටින ප්‍රමුඛ පෙලේ යොවුන් ක්‍රීඩකයෙක්. ලොව වටා ක්‍රීඩා කරන සෑම 20-20 තරගාවලියකදීම සුපිරි දක්ෂතා ප්‍රකට ඔහු මෙවර මෙවර බිග්බැෂ් තරගාවලියේ තරග 06කදී කඩුලු 11ක් බිද දමා ඇති අතර එම තරගාවලියේ පන්දුවාරයකට ලකුණු ලබාදීමේ සාමාන්‍ය 6.00කට වඩා අඩු අගයක් පවත්වාගෙන යයි

5. කෘනාල් පාන්ඩියා – මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කල කෲනාල් පාන්ඩියා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ප්‍රකටයි. හර්දික් පාන්ඩියාගේ වැඩිමහල් සොයුරා වන ඔහු ගියවර IPL තරගාවලියේදීද කැපී පෙනෙන දක්ෂතා දක්වන්නට සමත් වුණා.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක