Menu

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතව තිබු පුහුණු තරගය අත්හිටුවයි..

January 12, 2018

එළැඹෙන තුන්කොන් තරගාවලිය වෙනුවෙන් ,සිම්බාබ්වේ කණ්ඩායම හා BCB XI කණ්ඩායම සමග හෙට(13) දිනයේ පැවැත්වීමට නියමිතව තිබු පුහුණු තරගය අත්හිටුවීමට බංගලාදේශ ක‍්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කොට තිබෙනවා.

සිම්බාබ්වේ කන්ඩායමට නියමිත දිනට බංගලාදේශයට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් එම තරගය අත්හැර දැමූ බවට බංගලාදේශ ක‍්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එළැඹෙන තුන්කොන් තරගාවලියට සහභාගී වීම සදහා සිම්බාබ්වේ කණ්ඩායම මෙම මස 10 වැනිදා බංගලාදේශයට පැමිණිීමට නියමිතව තිබුණද ටිකට් පත්වල ඇතිවූ ගැටලුවක් හේතුවෙන් නියමිත දිනයට ඔවුන්ට බංගලාදේශයට පැමිණීමට නොහැකිවිය.

සිම්බාබ්වේ කණ්ඩායම හෙට දිනයේ ඩකා නුවරට ලගා විමට නියමිත අතර තුන්කොන් තරගාවලිය ආරම්භ කරමින් බංගලාදේශ කණ්ඩායම සමග ලබන මස 15 වැනිදා පළමු තරගයට සහභාගී වීමට නියමිතයි.

තුන්කොන් තරගාවලියට සහභාගී වන සිම්බාබ්වේ කන්ඩායම..

Hamilton Masakadza, Solomon Mire, Craig Ervine, Brendan Taylor, Sikandar Raza, Peter Moor, Malcolm Waller, Graeme Cremer (capt), Ryan Murray (wk), Tendai Chisoro, Brandon Mavuta, Blessing Muzarabani, Christopher Mpofu, Tendai Chatara, Kyle Jarvis

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක