Menu

සාගල සතුව තිබෙන නීතිය හා සාමය අමාත්‍යාංශය ජනපති යටතට – ජනපතිගේ ගේම් එක මෙන්න…

January 12, 2018

ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන්වීම පිළිබද තීන්දුව ලැබුණ පසුව අලුත් දේශපාලන ගමනක් ආරම්භ කිරීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි.

ඒ අනුව 2021 වසර දක්වා ජනාධිපතිවරයා ධූරයේ රැදී සිටීමට අපේක්ෂා කරන අතර ඉදිරි වසර තුන හොරුන් ඇල්ලීමේ වසර තුන බවට ජනාධිපතිවරයා පත් කරගැනීමට නියමිතය. ඒ අනුව මෙතෙක් කල් හොරු ඇල්ලීම් ප‍්‍රමාද වූයේ පොලීසිය හා නීතිපති දෙපාර්තේම්තුවට වෙනත් අය යටතේ බව පවසමින් එය තමන් යටතට පත් කරගැනීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බවද ආරංචිමාර්ග සදහන් කරයි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රභලයෙක් වන සාගල රත්නායක සතුව තිබෙන නීතිය හා සාමය අමාත්‍යාංශයත්, අගමැති රනිල් වික‍්‍රමසිංහ යටතේ පවතින නීතිපති දෙපාර්තමේන්තුවත් තමන් යටතට පත් කරගැනීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටී.

ඒ අතරම පළාත් පාලන මැතිවරණයෙන් පසුව කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට අවශ්‍ය අමාත්‍යධූර ලබාගැනීමට නියමිත බවද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක