Menu

කණ්ඩායමෙන් විසිවූ ‘මාලිංග’ ජපුරේ ප‍්‍රධාන කථිකයා වෙමින් තරුණ පරපුරේ ඔලු හදයි(PHOTO)

January 12, 2018

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශක ඒකකය විසින් සංවිධාන කරන වැඩමුළුවේ දෙවන අදියර එම විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

‘‘සාර්ථකත්වයේ සෙවණැල්ල“ ලෙසින් නම් කර තිබුණු මෙම වැඩමුළු මාලාවේ දෙවන අදියරේ ප්‍රධාන කථිකයා බවට පත්වුණේ ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගයි.

සිසුන් සිය වෘත්තීමය ජීවිතය හැඩගසා ගන්නේ කෙසේද..? බාධක හමුවේ ඉදිරියට යන්නේ කෙසේද..? පීඩනයන් හමුවේ සාර්ථකත්වය ළඟා කර ගන්නේ කෙසේද..? වැනි මාතෘකා පාදක කර ගනිමින් මෙම වැඩමුළුව දියත් කළා.

ලසිත් මාලිංග ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙකු ලෙස උකහා ගත් අත්දැකීම් විශ්වවිද්‍යාල සිසුන්ට ලබා දීම මෙම දේශනයේ ප්‍රධාන අරමුණ වුණා.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග ඇතුළු මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

පින්තූර උපුටා ගැනීම (Photo Source)- ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය වෙබ් අඩවිය

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක