Menu

ජනපතිගේ ධූරකාලය ගැන නීති විශාරදයෝ මත ගැටුමක..එජාපයත් නීති විශාරදයකු කැඳවයි

January 12, 2018

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට වසර 06ක කාලයක් සියධුරයේ කටයුතු කිරීමට හැකියාව ඇතැයි නීතීපති, ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේදී පැවසීය.

මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා එම පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පැවසුවේ 19 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 49 (1) ‘අ’ සහ  ‘ආ’ වගන්ති අනුව ධුරය දරන ජනාධිපතිවරයාගේ ධුර කාලය මේ සංශෝධනයට යටත් බවත් ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05 ක් විය යුතු බවත්ය.

2021 වසර දක්වා තමන්ට  ජනාධිපතිධුරය දැරීමට බාධාවක් ඇද්ද යන්න පිළිබඳව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්‍ඨාධිකරණයේ මතය විමසීමට කළ ඇයැදුම පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූ අවස්ථාවේදී නීතීපතිවරයා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතීපති ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතාද මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතාද එසේ කරුණු දක්වමින් පැවසූහ.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති මෙම ඇයැදුම අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්, ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ, කේ.ටී. චිත‍්‍රසිරි සහ සිසිර ද ආබෲ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල ශ්‍රේෂ්‍යඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බලන ලදී.

ඒ අවස්ථාවේදී නීතීපතිවරයා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතීපති ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතා කියා සිටියේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා 2015 ජනවාරී මස 08 ජනාධිපතිවරයා ලෙස තේරී පත්වු අතර 2015 ජනවාරී මස 09 වැනිදා ජනාධිපති ධූරයේ දිවුරුම් දුන් බවයි.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයේ දිව්රුම් දී ඇත්තේ 19 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතිගත කිරීමට පෙර යයිද ඔහු කියා සිටියේය.

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිධුරයට පත්වන පුද්ගලයෙකුට වසර 06 ක කාලයක් සිය ධුරයේ කටයුතු කළ හැකියාව ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතා මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයේ දිව්රුම් දීමෙන් පසු අවස්ථාවකදී එම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ බවත් දැනුම් දුන්නේය.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනාධිපති ධුරයේ කටයුතු කළ හැක්කේ වසර 5ක්ද, 6ක්ද යන්න පිළිබඳ ඊයේ (11දා) එක්සත් ජාතික පක්ෂය නීති අංශයේ නීති විශාරදයකු කැඳවා කරුණු විමසා තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාපයේ මැති ඇමැතිවරුන් පිරිසක් එම නීති විශාරදයා, ඊයේ උදෑසන අරලියගහ මන්දිරයට කැඳවා නීතිමය කරුණු විමසා ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක