Menu

ඕවර 04යි කඩුලු 04යි..ප‍්‍රබල ක‍්‍රිඩකයින් අබාධයට ලක්කරමින් ක්‍රිකට් පිටියට එන ‘ලිට්ල් මාස්ටර්’ මෙන්න

January 12, 2018

සචින් තෙන්ඩුල්කාර්ගේ පුතු අර්ජුන් තෙන්ඩුල්කාර් මේ වනවිටත් පුවත් මැවිමට සමත්වී සිටී. තවමත් 18 වියේ පසුවන අර්ජුන් ටෙන්ඩුල්කාර් ඕස්ටේලියාවේ සිඞ්නි ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය – ගෝලිය අභියෝග කුසලාන සදහා පැවැත්වෙන තරගාවලිය සදහා සහභාගිවී වෙමින් හොඳ දක්ෂතා පෙන්වමින් සිටී.

සිඞ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති ඉන්දියා ක්‍රිකට් සමාජය සහ හොංකොං ක්‍රිකට් සමාජය අතර තරගයේදී ආරම්භක පිතිකරුලෙස පිටියට පිවිසි අර්ජුන් පන්දු 27 කට ලකුණු 48 ක් ලබාගෙන ඇති අතර පන්දු යැවීමේදීද ඕවර 4 කදී කඩුලු 4 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් පෑමට සමත්විය.

පිතිකරුවකු ලෙස සචින් තෙන්ඩුල්කාර් වාර්තා පිට වාර්තා තැබු අතර ඔහුගේ පුතු අර්ජුන් වේග පන්දු යවන්නකු ලෙස කරලියට පිවිස ඇත. අර්ජුන් වමත් වේගපන්දු යවන්නකු මෙන්ම වමත් පිතිකරුවකුද වෙයි.
සචින්ගේ පුතු තම දක්ෂතා ගැන මාද්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ වේගපන්දු යවන්නෙකු ලෙස කටයුතු කිරීම තමාට සතුටක් බවය.

“මම ලොකු වෙන්න ලොකු වෙන්න වේගයෙන් පන්දු යැවීමෙන් සතුටට පත්වුණා. අපේ රටේ වැඩිපුර වේග පන්දු යවන්නන් නැති නිසා මමත් වේගපන්දු යවන්නෙක් වෙන්න හිතුවා”

අර්ජුන් ක්‍රිකට් ලෝකයේ අවධානය දිනාගත් පළමු අවස්ථාව මෙය නොවන අතර ඉන්දියාවේ දේශීය තරගාවලියේදීද ඔහු දස්කම් දැක්වීමට සමත් විය.. පසුගිය ජුලි මාසයේදී පැවැති පුහුණු සැසියකදි අර්ජුන් දැමූ යෝකර් පන්දුවක් වැදීමෙන් එංගලන්ත පිතිකරු ජොනී බෙයාස්ටෝට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමටද සිදුවිය.

අඩි හයක් උසැති අර්ජුන් ඕස්ටේලියාවේ වමතින් වේගපන්දු යවන මිචෙල් ස්ටාර්ක් සහ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් අනුගමනය කරයි.‘ලිට්ල් මාස්ටර්ගේ’ පුතා වීමෙන් අර්ජුන්ගේ ජීවිතයට අති විශාල බරක් පැටවී තිබුණද ඉන් ඔහු උඩඟුවී නැත.

“මම ඒ පීඩනය ගන්නේ නෑ. මම පන්දු යවනවිට පන්දුව හයියෙන් බිම පතිත කරන අතර පන්දුවට පහරදෙන විට මගේ පහරවල් කරා යමින් පහරදිය යුත්තේ කාටද නැත්තේ කාටද යන්න තෝරා ගන්නවා” යයි අර්ජුන් පවසා ඇත.

සචින්ගේ පුතා මෙලෙස දක්ෂතා දක්වද්දී සචින්ගේ සමකාලීනයෙකු වන රාහුල් ද්‍රාවිඩ් ගේ පුතුද ක්‍රිකට් ක්‍රීඩාවෙන් වැඩ පෙන්වන්නට පටන් ගෙන ඇති බව ඉන්දියාවෙන් වාර්තා වේ.රාහුල් ඩ්‍රාවිඩ්ගේ පුතාවන සමිට් ඩ්‍රාවිඩ් ක්‍රිකට් ක්‍රීඩාවෙන් දක්ෂතා දක්වමින් සිටින අතර ඔහු ‘කර්ණාටක ක්‍රිකට් සංගමය’ මගින් සංවිධානය කළ 14න් පහළ පාසල් ක්‍රිකට් තරගයකදී ශතකයක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාම පිළිබඳව මේ වනවිට ඉන්දීය මාධ්‍ය තුළ ඉහළ ප්‍රතිචාරයක් ලබාදී ඇත.

මෙහිදි සමිට් ලකුණු 150ක් රැස්කිරීමට සමත්ව ඇත. ඉන්දීය තවත් හිටපු ක්‍රීඩකයෙක් වෙන සුනිල් ජෝශිගේ පුත් අර්යන් ජෝශිද සමිට් සමග එක්ව දක්ෂතා දක්වා ඇති අතර, ඔහු ලකුණු 154ක් රැස්කිරීමට සමත්ව තිබේ.

තරගයේදී පන්දුවාර 50ක් තුළ සමිට් නියෝජනය කළ ‘මල්යා අඩිටි’ ජාත්‍යන්තර පාසල ලකුණු 500/5ක් රැස්කිරීමට සමත්ව ඇත. ඔවුන් ප්‍රතිවාදී කණ්ඩායමට එරෙහිව ලකුණු 412ක ජයග්‍රහණයක් වාර්තා කළේය.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක