Menu

ටික දවසකට කලින් ලංකාවට දුවන්න ගහපු ඉන්දීය පිතිකරුවන් දෙදෙනෙකුට හිටපු නායකයා දෙහි කපයි

January 11, 2018

නිමාවූ ඉන්දියා දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරඟයට ෂිකර් ධවාන් සහ රෝහිත් ෂර්මා යොදාගැනීමට කෝලි ගත් තීරණය පිළිබඳ ඉන්දියාවෙන් බිහිවූ සාර්ථක නායකයෙකු ලෙස සැළකෙන සව්ර්ව් ගංගුලිගේ ප්‍රශ්ණ කිරීමට ලක්වී තිබේ.

ඉන්දියාවේදී සුපිරි දක්ෂතා දැක්වුවද ෂිකර් ධවාන් සහ රෝහිත් ෂර්මා විදේශයින්හි දුර්වල ක්‍රීඩා විශාලයක් පෙන්නුම් කරන බව ඔහුගේ අදහස වී තිබේ.

‘‘ ඔවුන් දෙදෙනාගේ පසුගිය දක්ෂතා දෙස බලද්දි විදේශයින්හිදි ඔවුන් සුවිශේෂි දක්සකම් දක්වලා නැහැ,කෝලි සහ මුරිලි විජේ තමයි විදේශයන්හිදි වැඩිපුර දක්ෂතා දක්වන්නේ.
චෙට්ර්ස්වර් පූජාරා දෙස බැලුවොත් ඔහුගේ ටේස්ට් ශතක 14න් 13ක්ම රැස් කරලා තිබෙන්නේ දකුනු ආසියානු කලාපයේ.

මම හැමවෙලේම කියනවා කේල් එල් රාහුල් විදේශයින්හිදි හොඳින් ක්‍රීඩා කරනවා.ඔස්ට්‍රේලියාවේදී වගේම ශ්‍රී ලංකවට එරෙහිවත් කොදෙව්වන්ට එරෙහිවත් ඔහු හොඳින් දස්කම් ප්‍රදාර්ශණය කළා. සමහර වෙලාවට වඩාත් වැදගත් වෙන්නේ ක්‍රීඩකයෝ ලකුණු අතරට එන්නේ කොහෙදිද කියන එකයි..

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවත් සමග පැවති තරඟාවලියේදී පිතිකරුවෙකු ලෙස සාර්ථක වූ නිසා රෝහිත් ෂර්මාට තවත් අවස්ථාවක් ලැබිය යුතු බවත්,ෂිකර් ධවාන් වෙනුවට ආරම්භ පිතිකරුවෙකු වන කේ එල් රාහුල් දකුණු අප්‍රිකානු කන්ඩායම සමග සෙන්චූරියන් ක්‍රීඩාංගනයේදී ආරම්භ වන තරඟයේදී ඉන්දීය කණ්ඩාමට එක්විය යුතු බවත් හිටපු නායකයාගේ අදහස වී ඇත.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක