Menu

වසර 05ද? 06ද? ජනපති කළ ඉල්ලීමට නීතිපති තීන්දුවක් දෙයි..

January 11, 2018

වත්මන් ජනාධිපතිවරයා 2015 ජනවාරි 09 වන දින සිය ධූරයෙහි වැඩ බාර ගන්නා විට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වී නොතිබූ බැවින් ජනාධිපතිවරයාට වසර 06 ක කාලයක් සිය ධූරයෙහි කටයුතු කළ හැකි බව නීතිපතිවරයා අවධාරණය කොට ඇත.

ජනාධිපති ධූරයේ නිල කාලය වසර 05 කට සීමාකොට ඇත්තේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් වන අතර එය කිසිසේත් අතීතයට බලපාන නීතියක් නොවන බවද නීතිපතිවරයා අනාවරණය කරයි.

ජනපතිවරයා සිය ධූර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඩාධිකරණයෙන් සිය මතය විමසා සිටි අතර ඒ පිළිබදව මතය ලබාදීමට අගවිනිසුරු පියසාද් ඩෙප් මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක්ද ස්ථාපිත කරුනු ලැබුවා

මේ අතර අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ ඊයේ (10) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මංගල මැතිවරණ ප්‍රචාරක රැ‍ළියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසා සිටියේ ද වර්තමාන ආණ්ඩුවේ නිල කාලය 2020 දක්වාත් ජනාධිපති තුමාගේ නිල කාලය 2021 දක්වාත් පවතින බවය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක