Menu

‘යහපාලනයෙන් තවත් වෙනසක්’.. වසර 60කට පසු කාන්තා මත්පැන් තහංචි ඉවත් කෙරෙයි..

January 11, 2018

වයස අවුරුදු 18 ඉහළ කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීම සඳහා අවසර ලබා දීමට රජය තීන්දු කර තිබේ.ඒ අනුව වසර 60 අධික කාලයකට පසු කාන්තාවන්ට නීත්‍යානුකූලව මත්පැන් මිලට ගැනීම සඳහා අවසර හිමිවනු ඇත.

කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීමක් සිදුවන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර 1955 වසරේ ක්‍රියාත්මක අදාළ නීතිය සංශෝධනය කිරීමට තීන්දු කළ බව රජය පැවසීය.

අදාළ නීතිය සංශෝධනය කෙරුණු බව බදාදා (ජනවාරි 10) නිවේදනය කෙරෙනු අතර ඒ අනුව මත්පැන් අලෙවිසැල් තුළ සේවය කිරීම සඳහා ද කාන්තාවන්ට පූර්ව අනුමැතියක් අවශ්‍ය නොවේ.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පුරුෂයන්ට වඩා කාන්තාවන් මත්පැන් පානය කිරීමට පෙළඹී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2016 වසරේ දී පැවසීය.

නිල වාර්තාවලට අනුව මත්පැන් පානය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ වසරකට සිදුවන මරණ සංඛ්‍යාව 10,000 -15,000 අතර අගයක් ගනී.

මේ අතර පුරුෂයන් පරිභෝජනයකරන මත්පැන් ප්‍රමාණයට සමාන ඒකක ප්‍රමාණයක් මේවන විට කාන්තාවන් ද පරිභෝජනය කරන බව 2016 වසරේ දී ලොව පුරා ක්‍රියාත්මක කරන ලද අධ්‍යයනයකින් හෙළි විය.

එම අධ්‍යයනය සඳහා 1891 වසර සහ 2001 අතර කාල පරිච්ඡේදය තුළ උපත ලද ලක්ෂ හතළිහක පිරිසක් නියැඳි වශයෙන් යොදා ගනු ලැබිණි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක