Menu

තුන්කොන් තරගාවලියට තව දින කිහිපයයි..ප‍්‍රබල ක‍්‍රීඩකයින් දෙදෙනෙකු අබාධයට ලක්වෙයි..

January 11, 2018

ශ‍්‍රී ලංකා – බංගලාදේශ -සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලිය මෙම මස 15 වැනිදා බංගලාදේශයේදී ආරම්භ වීමට නියමිත අතර එම තරගාවලිය සදහා නම් කළ බංගලාදේශ කණ්ඩායමේ වේගපන්දු යවන ක‍්‍රීඩක රූබල් හුසේන් බංගලාදේශයේ මීර්පූර් ක‍්‍රිඩාංගනයේදී පැවැති පුහුණුවීම් අතරතුරදී අබාධයකට ලක්ව ඇති බවට වාර්තා වනවා.

රූබල් හුසේන්ගේ වම් මාපටඇගිල්ල මෙලෙස අබාධයක ලක්ව ඇති අතර අද දිනයේ සහභාගී වන වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව ශ‍්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තුන්කොන් තරගාවලියට රූබල් ගේ සහභාගීත්වය පිළිබදව තීරණයක් ගැනීමට නියමිතව ඇත

බංගලාදේශ ජාතික කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 80කට ක‍්‍රීඩා කර ඇති රූබල් හුසේන් කඩුලු 98ක් බිද හෙළා ඇති අතර නිමාවට පත්වු බංගලාදේශ් ප‍්‍රිමියර් ලීග් තරගාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වීමට ද සමත් විය

මේ අතර බංගාලදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඉම්රුල් කයිස් ද පුහුණුවීම් අතරතුරදී අබාධයකට ලක්ව ඇති අතර එම අබාධය මේ වන තෙක් සුව වී නොමැති බවද වාර්තා වෙයි.

තරඟාවලියේ කාල සටහන..

බංගලාදේශය සහ සිම්බාබ්වේ , ඩකා, ජනවාරි 15

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ , ඩකා, ජනවාරි 17

බංගලාදේශය සහ ශ්‍රී ලංකාව , ඩකා, ජනවාරි 19

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ, ඩකා, ජනවාරි 21

බංගලාදේශය සහ සිම්බාබ්වේ,ඩකා, ජනවාරි 23

බංගලාදේශය සහ ශ්‍රී ලංකාව, ඩකා, ජනවාරි 25

අවසන් තරඟය ඩකා, ජනවාරි 27.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක