Menu

විරාත් කෝලිගේ දුර්වල පිතිහරඹය පුද්ගලයකුට මරු කැදවයි..

January 10, 2018

පසුගියදා නිමාවුණු දකුණු අප‍්‍රිකා – ඉන්දියා පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 72ක විශිෂ්ට ජයක් ලැබීමට සත්කාරක අප‍්‍රිකානු කණ්ඩායම සමත්වුයේ ඉන්දියානු පේ‍්‍රක්ෂකයින්ගේ ජයග‍්‍රාහි බලාපොරොත්තු සුන් කරමින්.

ශ‍්‍රී ලංකාවේ ඉන්දීය ටෙස්ට් සංචාරයේදී ඉතා ඉහළ දස්කම් දැක්වු විරාත් කෝලි සිය විවාහයෙන් පසුව සහභාගී වු පළමු තරගය එය වු අතර ලංකාවට එරෙහිව ඉන්දියාවේදී දැක්වූ දස්කම් මෙම තරගයේදී ද දක්වනු ඇති බවට බෝහෝ ඉන්දීය පේ‍්‍රක්ෂයකින් දැඩි විශ්වාසයකින් සිටි නමුත් විරාත් කෝලි දකුණු අප‍්‍රිකානු පන්දුයවන්න හමුවේ ඉතා අඩු ලකුණු සංඛ්‍යාවක දැවී ගියා

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි එසේ අඩු ලකුණු සංඛ්‍යාවක දැවී යාම හේතුවෙන් ඇතිවූ ශෝකය මත පුද්ගලයෙකු සිය සිරුට ගිනි තබා ගනිමින් සියදිවි හානිකරගෙන තිබෙනවා.

සිරුරට ගිනි තබා ගැනීමෙන් බරපතල තුවාල ලැබු ඔහු රත්ලාම් රෝහලේදී ඊයේ මරණයට පත්ව තිබෙන අතර ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ මියගොස් ඇති පුද්ගලයා දුම්රිය සේවයේ නිරතව සිට විශ‍්‍රාම ලැබු අයෙක් බවයි

සිය නිවසේ සිට රූපවාහිනිය ඔස්සේ තරගය නරඹමින් සිටි අතරතුර ඉන්දීය කණ්ඩායමේ පරාජය හමුවේ ඔහු මෙලෙස සිරුරට ගිනි තබාගෙන තිබෙනවා.

විරාත් කෝලි එම තරගයේ පළමු ඉනිමේදී ලකුණු 5 කට සහ දෙවන ඉනිමේ දී ලකුණු 28 කට දැවී ගිය අතර එසේ අඩු ලකුණු සංඛ්‍යාවකට කෝලි දැවී යාම හේතුවෙන් ඇතිවු ශෝකය මත මෙම පුද්ගලයා සියදිවි හානිකරගෙන ඇති බවට පවසා සිටි බව ආරක්ෂක අංශ සදහන් කරයි .

කෙසේ වෙතත් මෙවැනි සිදුවීමක් සිදුවූ ප‍්‍රථම අවස්ථාව මෙය නොවන අතර ශූරයින්ගේ කුසලානයේදී පාකිස්තානුවන්ට පරාජයට පත්විමෙන් පසුද පුද්ගලයකු දුම්රියට පැන සියදිවි නසාගනු ලැබූවා

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක