Menu

මරිකාර්ගේ කනේ පහරෙන් ගාමිණී ලොකුගේ බිම අැද වැටෙයි..රංජිත්ට සුළු තුවාල..පාර්ලිමේන්තුව ගිණියම් කළ සිදුවීමේ ඇත්ත කතාව මෙන්න

January 10, 2018

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අද(10) පාර්ලිමේන්තුවේ දී බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරද්දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් විරෝධතා පුවරු ඔසවා දැඩි විරෝධයක් පළ කළහ.

බැදුම්කර කොමිසවේ අවසන් වාර්තාවේ පිටපත් අද දින පාර්ලිමේන්තුවට ලබා නොදීමට විරෝදය පල කරමින් හා  අගමැතිවරයා විසින් විශේෂ ප‍්‍රකාශයක් කිරීම හේතුවෙන් ඔවුන් මෙම විරෝධතාවය පැවැත්වීය.

‘හොරා හොරා-රනිල් හොරා… මහ බැංකුව-කඩපු හොරා’ යන පාඨය කියමින් ඒකාබද්ද විපක්‍ෂය අඛණ්ඩ විරෝධතාවයේ යෙදුනහ.

පාර්ලිමේන්තුව ආරම්භයේදීම කතානායකවරයා පාර්ලිමේන්තුවට කියා සිටියේ අදාල වාර්තාව සතියක් ඇතුලත පාර්ලිමේන්තුවට ලබා දෙන බව ජනාධිපතිවරයා විසින් දන්වා ඇති බවයි.

අනතුරුව විපක්ෂයේ දැඩි ඝෝෂාව මත අගමැතිවරයා විශේෂ ප‍්‍රකාශය සිදු කළ අතර එහිදි  ඒකාබද්ද විපක්‍ෂය විසින් සභා ගැබේ මැද පුවරු ඔසවාගෙන විරෝධතාවයේ යෙදෙද්දී මන්ත්‍රී මරික්කාර් විසින් සිසිර ජයකොඩ් මන්ත්‍රිවරයා අතැති පොස්ටරය රැගෙන විසිකරනවාත් සමගම ගාමිණී ලොකුගේ මන්ත‍්‍රීවරයා විසින් ඔහුට කනේ පහරක් එල්ල කර ඇති අතර මරික්කාර් මන්ත්‍රී වරයා එය අාවරනය කිරීමට යාමෙන් ඔහුගේ අතට එම පහර එල්ලවී ඇත.

ටික වේලාවකින් ඒකාබද්ද විපක්‍ෂය සභාවෙන් පිටවෙද්දී මරික්කාර්, චමින්ද විජේසිරි යන මන්ත‍්‍රීවරුන් විසින් ලොකුගේ මන්ත‍්‍රීවරයා ලූහුබැද ඇති අතර එහිදී  මන්ත්‍රීවරුන් දෙදෙනා අතර ගැටුමක් ඇතිවී ඇති අතර මන්ත්‍රී මරික්කාර් විසින් ගාමිනී ලොකුගේ මහතාගේ කනට ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග ගාමිණී ලොකුගේ මහතා බිම අැද වැටී ඇත. ඊට අනෙක් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ද මැදිහත්වීම හේතුවෙන් පාර්ලිමේන්තු සභා ගැබ එකම ගාලගෝට්ටියක් බවට පත්වී ඇත.

එහිදී මෙම ගැටුම සමතයට පත් කිරීමට මංගල සමරවීර මහතා සහ හර්ෂද සිල්වා මහතා විසින් මරික්කාර් මහතා පසෙකට කැදවාගෙන ගොස් ඇත.

ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ක්ලාන්ත වී ඇද වැටී ඇත.

මන්ත්‍රී රංජිත්ට සුළු තුවාල..

එහිදී මැති ඇමතිවරු පරුෂ වචනයෙන් බැණ වැදි ඇති බවත් ඉතා අශෝභන ආකාරයෙන් හැසිරුණු ආකාරයක් ජංගම දුරකථනයක පටිගත වී ඇත.

විරෝධතාවයට එක් වී සිටි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් හා එක්බද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ බහින්බස් වීම දරුණු තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති අතර එය සමතයකට පත් කිරීමට අගමැතිවරයාට ද මැදිහත් වීමට සිදු විය.

කෙසේ වෙතත් ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාට සුළු සීරිම් තුවාල සිදුවි ඇති අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඔහුට ප්‍රතිකාර කර තිබේ.

එහිදී විනාඩි 10කට පාර්ලිමේන්තුව කල්  තබා පක්ෂ නායක රැස්වීමක් කැදවූ අතර එම රැස්වීම සදහා ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ සහභාගී නොවීය.

එහිදී පක්ෂ නායකයන්ගේ රැස්වීමේ තීරණයක් අනුව අගමැතිවරයා මෙලෙස අදහස් දැක්විය.

“පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම්ගත රුපියල් බිලියන 12 ක මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව භාරයේ රදවාගෙන තිබෙනවා. ජනාධිපති කොමිෂමේ වාර්තාව අනුව මෙම ගනුදෙනුව මගින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සිදුව ඇති අලාභය රුපියල් බිලියන 11ක් බව සඳහන් වෙනවා. දැන් ඉතිරිව ඇත්තේ නීතිපතිවරයා විසින් කරුණු උසාවියට වාර්තා කොට නඩු කටයුතු මෙහෙයවා රජයට සිදුව ඇති අලාභය නැවත අයකර ගැනීමට කටයුතු කිරීමයි. එමගින් රජයට අලාභයක් සිදුව ඇත්නම් එය පියවා ගැනීමටත් හැකියාව ලැබෙනවා”

“2008 වසරේ සිට 2014 වසර දක්වා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවලදි සිදුව ඇති අවභාවිතයන් පිළිබඳව විමර්ශනය කළ යුතු බව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව පැවසූ අගමැතිවරයා එම සියළුම වංචා සොයා බලා වැරදිකරුවන්ට දඬුවම් දීමට කටයුතු කරනවා.”

“අද භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් වෙලා. විවිධ ජනමාධ්‍යවලට, දේශපාලන පක්‍ෂවලට මඩ ෆැක්ටරිවලට මේක හොඳ ඉල්ලමක් වෙලා. සමහරු මෙම බැඳුම්කර ප්‍රශ්නය නිසා පොලී අනුපාතය ඉහළ ගියා කියනවා. ඩොලරයේ අගය ඉහළ ගියා කියනවා. මේ ඔක්කොම මඩ ප්‍රචාරවලට නොරැවටි අපි සත්‍ය සොයා ගනිමු. සත්‍ය සොයා ගෙන අවශ්‍ය ක්‍රියා මාර්ග ගනිමු‘‘

අනතුරුව පාර්ලිමේන්තුව අද සවස 6.30 තෙක් පැවැත්වීමට නියමිතව තිබු නමුත් පසුය එය අත්හිටුවා ලබන 23 දක්වා කල් තැබීමට කථානායක වරයා කටයුතු කළේය

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක