Menu

ලංකාවෙන් බිහිවූ සුපිරි පිතිකරු ‘සංගා’ සහභාගී වන විස්සයි විස්ස තරගාවලිය මෙන්න..

January 10, 2018

ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පෙබරවාරී 6 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වෙන හොං කොං බ්ලිට්ස් විස්සයි20 තරගාවලියේ ගැලැක්සි ග්ලැඩියේටර්ස් ලන්තාවූ කණ්ඩායම සමග එක්වී තිබේ.

ටෙස්ට් ලකුණු 12,400 ක් සහ එක්දින ලකුණු 14,200 ක් රැස්කර ඇති සංගක්කාරගේ අත්දැකීම් සමඟ මුහුවීමට අවස්ථාව ලැබීම හේතුවෙන් හොං කොංහි දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දස්කම් ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

පසුගිය වසරේ සංගා නියෝජනය කල කණ්ඩායමේ නායකයාවූ අන්ශුමන් රාත්ට මඟ පෙන්වීම හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර ඇතිවූ මිතුරුකම දේශීය තරගාවලියෙන් ඔබ්බටද පැවතුන බව වාර්තා වන අතර හොංකොං කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරුවකු වන රාත් මෙම වසරේදී සංගා නියෝජනය කරන ගැලැක්සි ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය නොකරන අතර ඔහු ක්‍රීඩා කරන්නේ සිටි කයිටැක් කණ්ඩායමටය.

කෙසේ වෙතත් ගැලැක්සි ග්ලැඩියේටර් පිල වෙනුවෙන් ක්‍රීඩා කරන හිටපු ශ්‍රී ලංකා නායකයා සහ කඩුලු රකින්නාට අනෙකුත් දේශීය ක්‍රීඩකයන්ගෙන් මනා සහයෝගයක් ලැබෙනු ඇති බව පැවසෙන අතර සංගාට අමතරව මෙම කණ්ඩායමට තවත් විදෙස් ක්‍රීඩකයන් එකතුවීමට නියමිතය.

තරඟාවලියට දෙවන වරටත් ක්‍රීඩා කිරීමට අවස්තාව ලැබීම ගැන සංගක්කාර හොංකො පුවත්පතකට පවසා තිබුනේ තමා මෙම අවස්ථාවට ඉතා ආශාවෙන් සිටි බවය.

“අවසන් වරට බ්ලිට්ස් තරගාවලියේදී ලබාගත් අත්දැකීම් සම්බන්ධයෙන් මා ඉතාමත් සතුටට පත්වෙනවා. දෙවැනි වතාවටත් තරගාවලියට එක්වීමට ඉතාමත් ආශාවෙන් බලා ඉන්නවා.”

හොංකොං වලදි ලැබෙන අත්දැකීම් වලට තමන් ඇළුම් කරන බවත් නැවත පැමිණ දක්ෂතා වලින් පිරිපුන් දේශීය ක්‍රීඩකයින් සමගින් උද්‍යෝගිමත් ආධාරකරුවන් ඉදිරියේ ක්‍රීඩාකරමින් ඉදිරියට යෑමට තමන් කැමති බවද සංගක්කාර පැවසීය.

පසුගිය වසරේදී තරග 4 කට සහභාගීවූ ගැලැක්සි ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ජයගැනීමට හැකිවූයේ එක් තරගයක්වූ අතර මේ වසරේදී ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කරගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වෙයි.

ගැලැක්සි ගැලැඩියේටර්ස් ලන්තාවූ කණ්ඩායමට අමතරව ගිය වසරේ ජයග්‍රාහකයින්වූ කොවුලූන් කැන්ටන්ස්, සිටි කයිටැක්, හුන්ග් හොන්ග් ජේඩී ජැගුවර් සහ හොංකොං අයිලන්ඞ් යුනයිටඞ් කණ්ඩායම් මෙම තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතය.

ඒ අනුව පසුගිය කාලයේ ක‍්‍රිකට් පිටියේ එතරම් දක්නට නොලැබුණු සංගක්කාර කලකට පසුව ක‍්‍රීඩා කරන අවස්තාව එළැඹෙන පෙබරවාරි මාසයේදී යළි දැකගත හැකිය

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක