Menu

හිටපු ක‍්‍රීඩකයින් ක‍්‍රිකට් දූෂණ චෝදනාවෙන් නිදහස් වෙයි..

January 10, 2018

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තරග පාවාදීම හෝ විෂමතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට විත් පරීක්ෂණයක් සිදුකළ බවත්, එම පරීක්ෂණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්වල කිසිදු ක්‍රීඩකයෙක්ට හෝ නිලධාරියෙක්ට තරග පාවාදීමේ චෝදනා එල්ල වී නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කරන බවත් ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (09දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ක්‍රිකට් සභාපතිවරයා,

“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකකයට අපි නිරන්තරයෙන් සහය දක්වනවා සියලුම පරීක්ෂණ කරන්න. ඒ පරීක්ෂණ කරන්න හේතු වුණේ අපේ රටේම ලංකාවට මීට පෙර ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අපේ ක්‍රීඩකයන් තරග පාවාදෙනවා කියලා ප්‍රසිද්ධියේ චෝදනා කිරීම මෙන්ම මතවාදයක් සෑදීමට උත්සාහ කිරීම.

මම පැහැදිලිව කිවයුතුයි එම ක්‍රීඩකයින් ඇඟිල්ල දිගු කළ කිසිදු ක්‍රීඩකයෙක්ට කිසිම චෝදනාවක් නෑ. ඒවගේම එහෙම දෙයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් සොයාගෙනත් නෑ. ඒ පිළිබඳව පරීක්ෂණයක් වෙන්නෙත් නෑ. එනිසා ක්‍රිකට්වල අභිවෘද්ධියට අනවශ්‍ය දේවලට කාලය යොදවන්නේ නැතුව අපිට අවශ්‍ය ක්‍රිකට්වලින් ඉදිරියට යන්නයි” යැයි පවසා සිටියේය.

මෙහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකකය ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් 10දෙනෙක් පමණ තරග පාවාදීම සම්බන්ධයෙන් වූ විමර්ශනයට ලක් කර ඇති බවත්, ඒවාට සුදුසු පිළිතුරු ඔවුනට ලබාදී ඇති අතර, ක්‍රිකට් ආයතනයේ කිසිදු නිලධාරියෙකුට, පරිපාලනයේ කෙනෙකුට, ක්‍රීඩකයෙකුට, විධායක කමිටුවේ කිසිදු පුද්ගලයෙක්ට එවැනි චෝදනාවක් නොමැති බවද සභාපතිවරයා පවසා සිටියේය.

හිටපු නායක අර්ජුන රණතුංග මහාතා සහ හිටපු ක‍්‍රීඩකයකු මෙන්ම ජාතික තේරීම් කමිටුවේ සාමාජිකයකු වු ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ සිදු කරන ලද පැමිණිල්ලකට අනුව අයි.සී.සී ක‍්‍රිකට් ආයතනය ඒ පිළිබදව විමර්ෂණය කළ අතර  2011 වර්ෂයේ පැවැති ලෝක කුසලානයේ අවසන් තරගයේදී සිදුවුවා යැයි කියන තරග පාවාදීමක් සම්බන්ධයෙන් මෙලෙස අයි.සි.සී ආයතනයට පැමිණිලි කරනු ලැබුවා

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක