Menu

සජිත්, විජේදාස ඇතුලු 20ක් එජාපයට සමුදෙයි?

May 8, 2017

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (08) පස්වරු 05ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙයි

අද පැවැත්වෙන රැස්වීමේ දී නව නියෝජ්‍ය නායකවරුන් තිදෙනෙකු පත් කරනු ඇති බවට වාර්තා වන අතර එක් තනතුරක් අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබාදෙනු ඇති බවට ද මාධ්‍ය වාර්තා පල කර තිබුණා.

මෙසේ නියෝජ්‍ය නායකකමක් සරත් ෆොන්සේකා මහතාට ලබා දුනහොත් අමාත්‍ය  සජිත් ප්‍රේමදාස මහතා, අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු 20 දෙනකු එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කර තිබෙන බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි .

ඔවුන් ඒකාබද්ධ විපක්ෂයට එක්වීම සඳහා කිසිදු අරමුණක් නැති බවද එම  කණ්ඩායමේ සාමාජිකයෙක් ප්‍රකාශ කොට තිබෙන බව එම මාධ්‍ය වාර්තා තවදුරටත් පවසයි .

( Breaking News.lk ෆේස්බුක්  පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

වැඩිපුරම කියැවූ පුවත්