Menu

අලුතින් ආණ්ඩුවට එකතු වන තිදෙනෙකු සදහා නව අමාත්‍ය ධුර

May 8, 2017

යහපාලන ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් මේ සතිය තුල සිදුකිරිමට ඉඩ ඇතැයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර මෙ වනවිටත් අමාත්‍ය සංශෝධනයට අදාළ කරුණු සාකච්ඡා කර තිබේන බවත් සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයකට මේ වනවිටත් දෙපාර්ශ්වයම එකඟතාවද පලකර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය ධුර ගණනාවක් සංශෝධනය කිරීමට නියමිතව ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය ධුර සංශෝධනය කිරීමට අදාළ ගිවිසුම එජාප මහ ‍ලේකම් අමාත්‍ය කබිර් හෂීම් හා අමාත්‍ය මලික් සමරවික්‍රම විසින් ජනාධිපතිවරයාට ලබා දී අවසන් කර තිබේ.

මහා මාර්ග, ධීවර, උසස් අධ්‍යාපන, ඛනිජ තෙල්, විදේශ, ජනමාධ්‍ය යන අමාත්‍ය ධුර බොහෝ දුරට වෙනස්වීමට ඉඩ ඇති අතර රාජ්‍ය ආයතන ගණනාවක ප්‍රධානීන්ද කැබිනට් සංශෝධනයට සමගාමීව මාරු කිරීමට රජයේ දැඩි අවධානය යොමුව තිබේ. මිට අමතරව අලුතින් ආණ්ඩුවට එකතු වන තිදෙනෙකු සදහා ද  නව අමාත්‍ය ධුර ලබාදිමට සුදානමක් පවතින බවද අනාවරණය වි තිබේ.

අමාත්‍ය මණ්ඩල සංශෝධන සිදුවන නිසා විදේශගතවීමට නියමිත අමාත්‍යවරුන්ගේ විදෙස් ගමන් නතර කරන ලෙස ජනාධිපති කාර්යාලයෙන් උපදෙස් ලැබි තිබේන බවද වාර්තා වේ.

( Breaking News.lk ෆේස්බුක්  පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක