Menu

සුපිරි පන්දුයවන්නාගේ වාර්තාව මාලිංග සමකරයි

April 9, 2017

ශ්‍රී ලංකාව සමඟ පැවති දෙවන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය ලකුණු 45කින් ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලූ 9ක් දැවී ලකුණු 176ක් රැස් කළා.

තරගයේ සිදු වූ විශේෂ සිදුවීමක් වූයේ ලසිත් මාලිංග කඩුලූ ත්‍රිත්වයක් දවා ගැනීමයි.

මුස්ෆිකර් රහීම්, මෂ්රොෆේ මොටාසා සහ මෙහෙදි හසන් එහිදී මාලිංගගේ කඩුලූ ත්‍රිත්වය ලෙස දැවී ගියා.

ඔහු ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස පිටියේ දී කඩුලූ ත්‍රිත්වයක් ලබාගත් පළමු අවස්ථාව මෙයයි.

මීට පෙර මාලිංග එක්දින් ජාත්‍යන්තර තරගවලදී කඩුලු ත‍්‍රිත්වයක් දවා ගත් අවස්ථා 03ක් සටහන් කර තිබුණි.මාලිංගට පෙර ජාත්‍යන්තර ක‍්‍රිකට් ඉතිහාසයේ කඩුලු ත‍්‍රිත්වයක් දවා ගත් අවස්ථා හතරක් සටහන් කිරීමට පාකිස්ථානයේ වසීම් අක‍්‍රම් සමත්ව තිබූ අතර ඔහු ටෙස්ට් තරගවලදී සහ එක්දින  තරගවලදී දෙවතාව බැගින් අදාල දක්ෂතාවය දක්වා තිබුණි

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18ක් තුළ සියලූ දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 131ක් පමණයි.

ඒ අනුව තරග දෙකකින් යුත් පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය එකට එකක් ලෙස අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි.

අවසන් තරගයේ වීරයා සම්මානය ශකිබ් අල් හසන් දිනාගත් අතර තරගාවලියේ වීරයා බවට පත්වූයේ ලසිත් මාලිංගයි.

 

වැඩිපුරම කියැවූ පුවත්

Looking For?

Recent News