Menu

තොණ්ඩමාන් හා තිගාම්බරම් අතර ගැටුමක්

May 8, 2017

ඉන්දීය අගමැතිවරයාගේ නුවරඑළි සංචාරය කඩාකප්පල් කිරීමේ අරමුණින් පළාත් සභා මන්ත්‍රී සෙන්ඩිල් තොණ්ඩමාන් මැර පිරිසක් අද නෝර්වුඩ් ක්‍රීඩාංගයට කඩාවැදීමට උත්සාහ කර තිබේ. එම අවස්ථාවේදී මෙම උත්සවය සංවිධානය කරන කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ පිරිස එය නැවැත්වීමට උත්සාහ ගැනීමත් සමඟ ගැටුමක් හට ගෙන ඇත.

කෙසේ වුවද මෙම සිද්ධිය පිළිබඳ දැනගැනීමත් සමඟම පලනි තිගාම්බරම් අමාත්‍යවරයා මෙම ස්ථානයට පැමිණ ඇති අතර එහිදී සෙන්ඩිල් තොණ්ඩමාන් ඇතුළු පිරිස පලාගොස් තිබේ.

මේ පිළිබඳ අප කළ විමසීමකදී අමාත්‍යවරයාගේ පාර්ශව පැවසූවේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැමිණීම ශ්‍රී ලංකාවට ඉතා ගෞරවයක් බවත් එය කඩාකප්පල් කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත්ය. අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ ආරාධනයක් අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නුවරඑළියට පැමිණීමට නියමිත අතර එම සංවිධාන කටයුතු සිදුකරන්නේ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය විසිනි.

ලෝක වෙසක් උත්සවයට සමගාමීව මැයි මස 12 වැනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවට පැමිණෙන අතර එහිදී නුවරඑළිය නෝර්වුඩ් ක්‍රීඩාංගණයේදී වතුකර ජනතාව ඇමතීමට නියමිතයි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක