Menu

ෆොන්සේකාගේ තනතුරෙන් එජාපය දෙදරයි

May 8, 2017

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (08)  පස්වරු 05ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙයි

අද පැවැත්වෙන රැස්වීමේ දී නව නියෝජ්‍ය නායකවරුන් තිදෙනෙකු පත් කරනු ඇති බවට වාර්තා වන අතර එක් තනතුරක් අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබාදෙනු ඇති බවට ද මාධ්‍ය වාර්තා පල කර තිබුණා.

කෙසේ වෙතත් සරත් ෆොන්සේකා අමාත්‍යවරයාට එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව විරෝධය පල කර ඇති බවටද වාර්තා වනවා.

අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප‍්‍රකාශ කළේ සරත් ෆොන්සේකා අමාත්‍යවරයාට පක්ෂයේ ඉහළ තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් තමන් ද විරෝධය පළ කරන බවයි.

තනතුරක් ලබාදුනහොත් ගන්නා කි‍්‍රයාමාර්ග කවරේදැයි අමාත්‍යවරයාගෙන් විමසා සිටි අතර ඔහු පැවසුවේ පක්ෂය වෙනුවෙන් විශාල කැපකිරීම් කළ තවත් පිරිස් සිටින බවයි.

 

වැඩිපුරම කියැවූ පුවත්