Menu

මහනායක හිමිවරු මහින්ද වෙනුවෙන් පෙරට එයි – ඉවත්කල ආරක්ෂාව නැවතත් ලබාදෙයි

May 7, 2017

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි පොලිසියේ තවත් පනස් දෙනෙකු අද (07) ඉවත් කර තිබු අතර මීට පෙරද පොලිස් නිළධාරීන් 42කු ඉවත් කර තිබුණා.

මහනායක හිමිවරුන් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් හිටපු ජනපතිගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් කරුණු විමසා ඇති අතර ඉවත් කළ ආරක්ෂාව නැවත ලබා දෙන ලෙසද ඉල්ලීමක් කර ඇත.

එසේ නොවන්නේනම් එම තීන්දුවට එරෙහිව දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවද ජනපතිට දැන්වූ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි

ඒ අනුව අද රාත‍්‍රී 09සිට නැවත පොලිස් මූලස්ථානයට වාර්තා කිරීමට සිටි 50දෙනා යළි මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් සිටින නමුත් පසුගියදා ඉවත්කළ 47දෙනා හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාවට යළි කැදවා නොමැත

වැඩිපුරම කියැවූ පුවත්