Menu

ආණ්ඩුව දෙදරයි – ජනපති කැබිනට් හමුව වර්ජනය කරයි?

May 7, 2017

අගමැතිවරයා තවදුරටත් කැබිනට් මණ්ඩල සංශෝධනයකට එකඟ නොවන්නේ නම්, ලබන අඟහරුවාදා (09) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු තමා කැබිනට් මණ්ඩල රැස්වීම්වලට සහභාගී නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැතිවරයාගේ සමීප හිතවතකු වන එජාප ප්‍රබල අමාත්‍යවරයකු වෙත දැනුම්දී ඇතැයි ජනාධිපති කාර්යාල ප්‍රකාශකයකු පවසා ඇති බවට වාර්තාවෙයි .

දැනට එජාපයට බාර දී ඇති කිසිඳු අමාත්‍යංශයක් ශ්‍රීලනිපයට පවරා නොගන්නා බවට ජනාධිපතිවරයා මෙහිදී එම ඇමතිවරයාට සහතික වී ඇතැයි ද ඔහු කියා සිටියේය.

අගමැතිවරයාගේ එකඟත්වය මත පොහොයට පෙර කැබිනට් සංශෝධනයක් කරන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල ජනාධිපතිවරයා මේවනවිට බරපතල අසීරුතාවයකට පත්ව සිටියි.

මේ සම්බන්ධයෙන් ඊයේ (06) රාත්‍රී සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතාගේ නිවසේ පැවති ශ්‍රීලනිප ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ විශේෂ සාකච්ජාවේ දී ද කතාබහට ලක්ව ඇත.

තමා මෙම අර්බුදය සම්බන්ධයෙන් තමාගේ ඥාතිවරයකු වන අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සමග පාර්ලිමේන්තුවේදී දීර්ග වශයෙන් සාකච්ජා කල බවද අමාත්‍ය අමරවීර මහතා එහිදී සඳහන් කර තිබේ.

-srilankamirror

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක