Menu

‘ඒක වෙන්ඩ බෑ..මහින්දව සාටකයෙන් එල්ලන්න ඔින කියල මම කිව්වේ නෑ ‘ – ෆොන්සේකාගෙන් ප‍්‍රකාශයක්(VIDEO)

May 6, 2017

හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාව පණ යනකන් එල්ලන්න අවශ්‍ය යැයි තමා කැම්බල් පිටියේදී නොකිව් බව ෆොන්සේකා පවසයි.

සතිඅන්ත පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු මේ බව පවසා තිබේ.

“පණ යනකන් කිව්වේ නෑ. මට මතක නෑ මොකක් නිසාද කිව්වේ කියලා. මම කිව්වේ කකුල් දෙකෙන් එල්ලලා තියන්න ඕන කියලා.”

නමුත් ඔබ හුස්ම යනකන් කියන වචන භාවිත කරනවා වීඩීයෝවල තියෙනවා? යැයි එම සම්මුඛ සාකච්ඡාව කළ ගයාන් ගාල්ලගේ ෆොන්සේකාගෙන් පෙරළා ප්‍රශ්නකර තිබේ. ෆොන්සේකා ඊට ලබාදී ඇත්තේ මෙවැනි  පිළිතුරකි.

“නෑ… නෑ… හුස්ම යනකන් කිව්වේ නෑ. ඒක වෙන්ඩ බෑ. කකුල් දෙකෙන් කිව්වේ.”

කෙසේවුවද, ෆොන්සේකා කැම්බල් පිටියේදී පවසා ඇත්තේ “සාටකයෙන් එල්ලන්න ඕන…සාටකයෙන් එල්ලලා තියන්න ඕන..පණයනකන්..ඒක තමයි දෙන්න ඕන පිළියම..” යනුවෙනි.

එම වීඩියෝව පහතින් ..

 

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක