Menu

ඉතිහාසයේ පළමු වරට චන්දිමාල් හොදම පිතිකරුවන් 10 අතරට.. අලුත්ම ශ්‍රේණිගත කිරීම් මෙන්න

December 7, 2017

ඊයේ අවසන් වූ ශ්‍රී ලංකා ඉන්දියා ටෙස්ට් තරඟයත් ඕස්ට්‍රේලියා එංගලන්ත තරඟයත් අවසානයේ ICC නවතම ටෙස්ට් ක්‍රීඩකයන් සහ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම නිකුත් වී ඇති අතර ශ්‍රේණිගත කිරීමේ තව දුරටත් පෙරමුණ ගැනීමට සමත් වී තිබෙන්නේ ඉන්දීය කණ්ඩායම වන අතර ඔවුන් අවසන් ශ්‍රේණිගත කිරීමට වඩා එක ලකුණක් අඩු කර ගනිමින් ලකුනු 124 ක් ලබා පළමු තැන සිටින අතර දෙවන තැන දකුණු අප්‍රිකාවටත් ශ්‍රී ලංකාවට හයවන තැනත් හිමිවී ඇත.

පිතිකරුවන් අතර තවදුරටත් පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් සමත්වී ඇති අතර දෙවන ස්ථානය ලබාගෙන තිබෙන්නේ ඉන්දීය නායක විරාත් කෝලි විසිනි.

අවසන් ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ද්විත්ව ශතකයක් ලබා ගනිමින් ලකුණු 243ක් මා දෙවැනි ඉනිමේ ලකුණු 50ක් ලබා ගත් ඉන්දියානු කන්ඩායමේ නායක විරාත් කෝලි ස්ථාන තුනක් ඉදිරියට පැමිණෙමින් පිතිකරු ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව ඇත.

නිමාවුනු ඉන්දියා ටෙස්ට් තරගාවලියේදී ලකුණු 366ක් ලබා ගත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ස්ථාන 08ක් ඉදිරියට පැමිණෙමින් 09වැනි ස්ථානයට පත්ව ඇති අතර ඔහු පළමු පිතිකරු 10 දෙනා අතරට පැමිණි පළමු අවස්ථාව ලෙසින් ද එය සටහන් වෙයි.

තුන්ඉරියව් ක‍්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පළමු ඉනිමේ ලබාගත් විශිෂ්ට ශතකය හේතුවෙන් ස්ථාන 07ක් ඉරිදියට පැමිණෙමින් 23වන ස්ථානයට පත්ව ඇති අතර නොදැවුණු ඉනිමක් ක‍්‍රීඩා කරමින් ලකුණු 119ක් ලබා ගත් ධනංජයද සිල්වා ස්ථාන 09ක් ඉදිරියට පැමිණෙමින් 47වන ස්ථානයට පත් ව ඇත

පන්දු යවන්නන් අතර සුපුරුදු පරිදි ජේම්ස් ඇන්ඩසන් පළමු තැන ලබාගෙන ඇති අතර දෙවන ස්ථානය රබාඩාට හිමිවී ඇත,රංගන හේරත් පස්වන ස්ථානයට ශ්‍රේණිගත වී ඇත.ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් ලක්ෂාන් සඳකැන් ස්ථාන 11 ක් ඉදිරියට පැමිණෙමින් 56 වන තැනට පත්ව ඇති අතර ස්ථාන 18 ක් ඉදිරියට පැමිණි ලහිරු ගමගේ 76 වන තැනට පත්වී ඇත.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක