Menu

‘තපස්සු භල්ලුක කෙනෙක් වෙන්න එපා.. මුලු රටේම ආශිර්වාදය උඹට ලැබේවි’..ධනංජය වෙනුවෙන් තැබු ඇග හිරිවැටෙන ෆේස්බුක් සටහන(PHOTO)

December 7, 2017

ඉන්දියාවට එරෙහිව ඊයේ පැවැති තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුයේ ලොව පුරා සියලු ක‍්‍රිකට් පේ‍්‍රක්ෂකයින්ගේ සියලුම ගෞරවයන් දිනා ගනිමින්..

ඊයේ දිනයේ කඩුලු 03ක් බිද වැටී ඉනිම ඇරඹු ශ‍්‍රී ලංකා කන්ඩායම  මැතිව්ස් දැවී යාමෙන් අනතුරුව දැඩි ලෙස අසරණ වුවත් ධනංජය සිල්වාගේ හා රොෂේන් සිල්වාගේ ඉවසිලිවන්ත පිතිහරඹය නිසා ඉන්දියාවට පහසුවෙන් ලබා ගැනීමට තිබු තවත් ටෙස්ට් ජයක් අහිමි වී ගියේය

එහිදී පළමු ඉනිමේ එක් ලකුණකට දැවී ගිය ධනංජය විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් සිය තෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කළ අතර ලකුණු 119ක් රැුස්කර ගෙන සිටියදී කලවයේ සිදුවූ අබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වීමට සිදුවිය

දෙවන ඉනිමේ දැඩි පීඩනයක් යටතේ ඉහල දක්ෂතා පෙන්වූ ධනංජය සිල්වාගේ එම පිතිහරම්භය පිළිබඳව  ප්‍රවීණ ක්‍රීඩකයන්ගේ, සහෝදර ක‍්‍රීඩකයන් මෙන්ම කලාකරුවන්ගේද සුභ පැතුම් එකතු කර තිබෙන අයුරු ඊයේ තරඟය අවසානයේ දැකගත හැකි විය.

එහිදී ශ‍්‍රී ලාංකේය කලාකරුවකු වන බුද්ධික ජයරත්න ධනංජය සිල්වාගේ ඉනිම තරමන් දුටු අකාරය පිළිබදව ෆේස්බුක් සටහනක් තබා තිබෙන අතර එහි දැක්වෙන්නේ ‘තවත් තපස්සු භල්ලුක කෙනෙක් ‘ නොවිය යුතු බවයි.

‘ධනංජය මල්ලී, උඹේ  ඉනිම දිහා ඊයේ බලන් හිටියා, ඒක මාරයි. ඒ උඹ  100 ගහපු නිසා නෙවෙයි.. මැරිච්ච ආච්චිලා සීයලා වැහිලා වැදිච්ච 100 ඒවා අපි ඕන තරම් දැකලා තියෙනවා.හැබැයි උඹේ  100 ගැහුවෙ උඹ  කියලා දැනුන නිසයි මේ සටහන තබන්න හිතුනෙ.

ඒ හැම පහරකම තිබුනු විශිවාසනීය භාවය, පිරිපුන් බව  අපිට දැන් ජ්‍යෙෂ්ඨයන්ගේ  පිතිකරණයන් තුළවත් දකින්නට නැති තරම්. උඹ  ඒ අපිට දීපු මහා බලාපොරොත්තුව ඒ ලෙසම තවත් කාලයක් අපි තියාගන්න කැමතියි.

දැන් පිටරටක ක්ලබ් එකකින් උඹට එන ලොකුම ලන්සුව ගැන නොහිතා, රටේ තියන සියලුම වෙළඳ ද දැන්වීම්වලට ගොස් තවත් තපස්සු භල්ලුක කෙනෙක් නොවී, රට ගැන හිතලා ක්‍රීඩා කළොත් මේ මුලු රටේම අම්මලා තාත්තලාගේ , සහෝදර සහෝදරියන්ගේ ආශිර්වාදය උඹට ලැබේවි…
උඹට ජය…..!!

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක