Menu

ශ්‍රී ලංකාව 30වසරක කොදෙව් වාර්ථාව බිඳදමද්දී, ක්‍රිකට් ඔස්තාර්ලාට නිසි පිළිතුරු දුන් ධනංජය වසර 10කට පසු, සංගා කලදේ කරයි..

December 7, 2017

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිනයේ තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟය ලෝකයේ අංක 1 ටෙස්ට් කණ්ඩායමට එරෙහිව ජය පරාජයෙන් තොරව නිම කර ගැනීමට සමත් වීම ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය කාලයේ පෙන්වූ අස්ථාවර බව සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ලැබූ ජයක් ලෙස හැදින්විය හැක්කේ තෙවන තරඟය පැවතියේ ක්‍රීඩා කිරීමට අපහසු පරිසරයක් සහිත ෆෙරාශ්ලා කොට්ලා ක්‍රීඩාංගනයේදීත් වීම නිසාය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ත්‍රස්තවාදී තර්ජන සහිත පාකිස්ථාන භුමියේ ක්‍රිකට් තරඟයකට සහභාගීවී පාකිස්ථානය සමඟ ක්‍රිකට් සහෝදරත්වය ගොඩනගා ගත් අකාරයෙන්ම ඉන්දීය වෛද්‍යවරුන් පවා නුසුදුසු යයි තීරණ ලබා දී තිබු දිල්ලි භුමියේ වමනය දමමින් ටෙස්ට් තරඟයේ දින පහම ක්‍රීඩා කල ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉන්දියාවද ජාත්‍යන්තරයේ අප්‍රසාදයට ලක්වීමට නොදී තරඟය අවසන් වන තුරු ක්‍රීඩා කිරීම නිසා ක්‍රීඩා ශීලිත්වය අතින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉන්දියාව මෙම තරඟයේ පරාජයට පත් කල බවනම් කිව හැකිය.

පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟ දෙකට ක්‍රීඩා නොකළ ධනංජය ද සිල්වා සහ රොෂේන් සිල්වා තෙවන තරඟයට කැඳවීම පිළිබඳ ශ්‍රී ලංකා පළමු ඉනිම අවසානයේ වේලාසන විවේචනය කල ක්‍රිකට් ඔස්තාර්ලාට නිසි පිළිතුරු ලබා දුන් ධනංජය සිල්වා අද වාර්තා කල ශතකය ශ්‍රී ලංකා පිතිකරුවෙකු හතරවන ඉනිමේ වසර 10කට පසුව ශ්‍රී ලංකාවෙන් පිටතදී වාර්තා කල ශතකයක් ලෙස වාර්තාගත වූ අතර මීට පෙර ශ්‍රී ලංකා පිතිකරුවෙකු සිව්වන ඉනිමේ ශ්‍රී ලංකාවෙන් පිටතදී ශතකයක් වාර්තා කර තිබුනේ 2007 වසරේදී කුමාර සංගක්කාර විසින් ඕස්ට්‍රේලියාවේ හෝබට් හිදී ලබාගෙන තිබු ශතකය ය.

දඟ පන්දු යවන්නන් රජකරන ඉන්දියානු තණතිලි තුල අවසන් ඉනිමේ ක්‍රීඩා කරන කණ්ඩායම් පසුගිය කාලයේ දැඩි ලෙස අසරණ වන ආකාරය පසුගිය ක්‍රිකට් වාර්තා අනුව පෙන්නුම් කරන අතර ශ්‍රී ලංකාව මෙම ටෙස්ට් තරඟයේ අවසන් ඉනිමේ ලබාගත් ලකුණු ප්‍රමාණය ඉන්දියාවේදී හතරවන ඉනිමේ වාර්තා වූ ඉහලම ලකුණු ප්‍රමාණය ලෙසද වාර්තාගත විය.ඒ අනුව ඉන්දියාවට එරෙහිව ප්‍රතිවාදී කණ්ඩායමක් විසින් ඉන්දියාවේදී සිවුවැනි ඉනිම සදහා රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ලෙස මීට පෙර 1987 වසරේදී බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම විසින් ඉන්දියාවට එරෙහිව කඩුලු 5 කට ලකුණු 276 ක් රැස්කර තිබුණි.

ඉන්දියාවේ ජය භූමියක් ලෙස සැලකෙන දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී 1988 වසරේ සිට ඉන්දිය කණ්ඩායම තරග 12 ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 10 ක් ජය ගෙන තරග 2 ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබු මෙම ක්‍රීඩාංගනයේ තරඟයක් ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමද ජයක් බවට හැදින්විය හැක්කේ මෙම කරුණු නිසාය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක