Menu

මත්පැන් බෝතලයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කරයි

December 6, 2017

නාවලපිටිය බස් නැවතුම්පොළ අසළදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

දෙපිරිසක් අතර හටගත් ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු විසින් තවත් අයෙකුට මත්පැන් බෝතලයක් කඩා පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.

ඝාතනයට ලක්ව ඇත්තේ නාවලපිටිය, බලන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි අයෙකු වන අතර සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නාවලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්ය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක