Menu

ශ්‍රීලනිපයෙන් කොළඹට සාලි.. සාලි සමග සටනට එජාපයෙන් රෝසි!

December 6, 2017

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ මහ නගරසභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවට වාර්තා වනවා.

ශ්‍රීලනිප කොළඹ නගරාධිපති අපෙක්ෂක ලෙස තරග වදින ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව අසාද් සාලි මාධ්‍ය වෙත අද ප්‍රකාශ කර තිබිණි.

මේ අතර එක්සත් ජාතික පක්ෂය කොළඹ නගරාධිපති අපේක්ෂ තනතුර හිස්ව තබා තරග කිරීමට සූදානම් වන අතර, සිරිකොත ආරංචි මාර්ග පවසන්නේ, මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව නගරාධිපති ධුරයට රෝසි සේනානායක මහත්මිය පත් කිරීමට තීරණය කර ඇති බවයි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක