Menu

‘මට හොදට ක‍්‍රීඩා කරන්න පුලුවන් කියල මම ඔප්පු කරල ඉවරයි’..මංගල තරගයේදී ම සටන්කාමී ඉනිමක් දියත් කල රොෂේන් කියන කතාව මෙන්න

December 6, 2017

ඉන්දියානු කණ්ඩායම සමග පැවැති අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනයේදී සාර්ථකව පිතිහරඹයට නිරතවුණු ශ‍්‍රී ලංකා කණ්ඩායම තෙවැනි ටෙසට් තරගය ජයපැරදුමෙන් තොරව නිමා කර ගැනීමට සමත් විය.

එහිදී ධනංජයද සිල්වා රැස් කළ ශතකය හා රෝෂේන් සිල්වාගේ සටන්කාමී ඉනිම ශ‍්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට සමත් විය.

මංගල තරගයේ පළමු ඉනිමේදී පන්දු තුනකට පමණක් පහරදුන් රොෂේන් සිල්වා ලකුණු ලබාගැනීමට අවස්ථාවක් හිමි නොවූවද දෙවැනි ඉනිමේදී සාර්ථක පිතිහරඹයක් දියත් කර මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 74ක් රැස් කිරීමට සමත් වුයේ ලොව පුරා සිටි ක‍්‍රිකට් පේ‍්‍රක්ෂයකින්ගේ අවධානයද දිනා ගනිමින්.

සිය මංගල ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කරන රෝෂේන් සිල්වා සිය ප‍්‍රථම ඉනිමේදී ලකුණු නොලබා දැවී ගිය අතර දෙවැනි ඉනිමේදී සාර්ථක පිතිහරඹයක නිරත වෙමින්

තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු රොෂේන් සිල්වා පවසා සිටියේ පළමු ඉනිමේ ලකුණු නොලබා දැවී ගිය නිසා දෙවැනි ඉනිමේ දැඩි පීඩනයකින් පසු වූ බවයි

පළමු ඉනිමේ මම ලකුණු නොලබා දැවී ගිය නිසා මම ගොඩක් පීඩනයකින් හිටියේ.ඉන්දියානු පන්දුයවන්නන්ගේ පන්දුයැවීමට විශිෂ්ටයි..දග පන්දුයවන්නන් වගේම වේගපන්දුයවන්නොත් අපිට දුර්වල පන්දු ලබා දුන්නේ නෑ..ඒක නිසා මම හිතුවා  අපි අශ්වින්ට හා ජඩේජාගේ පන්දුවලට පහර දුන්නොත් ඒ අය පසුබසියි කියල ..අපේ පිිතකරණ පුහුණුකරුවා කියල තිබුණා ඉන්දියාවේදි  ලකුණු රැස් කරන්න පුලුවන් වුනොත් මුලු ලෝකයම ඔබ දක්ෂ පිතිකරුවකු ලෙස අදුනගනීවි කියලා ..මට වුවමනා වුනා පුහුණුකරුවන් හා කාර්්‍යමණ්ඩලය පුදුම කරන්න.ඒ වගේම මම ඔප්පු කරල පෙන්නුවා ජාත්‍යන්තර තරගවලදිත් මට හොදට ක‍්‍රීඩා කරන්න පුල්වන් කියලා..

තවදුරටත් අදහස් දක්වමින් රොශේන් සිල්වා ප‍්‍රකාශ කලේ මෙවර තමාට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ලබා ගත් බවත් ඉදිරියේදී තවත් දක්ෂතා දැක්වීමට තමාට හැකියාව ලැබෙනු ඇති බවයි

එමෙන්ම සාමාන්‍ය පරිදි ක්‍රීඩා කරමින් ලකුණු රැස් කර ගැනීමට අවධානය යොමු කරන ලෙසට තමා නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය ද සිල්වාට ද ප්‍රකාශ කළ බව ඔහු සඳහන් කළා.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක