Menu

ජානිපෙන් මෛත‍්‍රී ළගට ගිය වීරකුමාරට ඇමතිකමක්..? එජාපය දැඩිව කැළඹෙයි..

December 6, 2017

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයට එක්වනු ඇති බව අද දිනපතා පුවත්පත් කිහිපයක්ම වාර්තා පල කර ඇත.

ඉන් පසු ඔහුට ඇමති ධුරයක් ලැබෙනු ඇති බවද එම වාර්තාවෙන්හි දැක්වෙයි.

ජාතික නිදහස් පෙරමුණ මේ මොහොතේ ගන්නා දේශපාලන ක‍්‍රියාමාර්ගය දැඩිව විවේචනය කරමින් ඒ මහතා අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

ඔහු එහිදී මූලිකවම කියා සිටියේ 2020 දී රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම වැලැක්වීම සදහා මෛත‍්‍රි මහින්ද දැන් දැන්ම එක්ව සන්ධානගත විය යුතු බවයි.

රට බේරා ගැනිම සදහා මේ මොහොතේ කල හැකි වඩාත් සුදුසුම ක‍්‍රියා මාර්ගය එය බවද ඔහු කියා සිටියේය.

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා පවසන්නේ වීරකුමාර මන්ත‍්‍රීවරයා අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීම පක්‍ෂ විනය තැබීමක් බවයි.

තම පක්‍ෂය තීන්දු තීරණය ගනු ලබන්නේ 95%කම එකගතාවයෙන් බවත් තනි පුද්ගලයෙකුගේ හෝ කුඩා කණ්ඩායමක උවමනාව මත කිසිම තීරණයක් නොගන්න බවත්ය.

මේ අතර වීරකුමාර දිසානායක මහතා ශ‍්‍රීලනිපයට එක්ව ඇමති ධුරයක් ලබන්නේ යයි වාර්තා වීමත් සමග එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබලයින් කලබලයට පත්ව ඇති බවද වාර්තා වෙයි.

2020දී රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම වැලැක්වීම සදහා තමන් කටයුතු කරන බව වීරකුමාර මන්ත‍්‍රිවරයා පැවසීමත් සමග රනිල් වික‍්‍රමසිංහ විරෝධී බලවේග ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් රැස් කරමින් සිටින්නේ යයි එම පක්‍ෂය තුල මේ වන වට යම් සාකච්චාවක් ඇතිව තිබේ.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක