Menu

ඉන්දියාවේ ජයග‍්‍රහණ බලාපොරොත්තු නැති කරමින් ධනංජයගෙන් සටන්කාමී ඉනිමක්(UPDATE)

December 6, 2017

ජයග්‍රහණය සදහා ලකුණු 410 ක ඉලක්කයක් හඹායන ශ්‍රී ලංකා කණ්ඩායම දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ පස්වැනි සහ අවසන් දිනයේ (06 වැනිදා) තේ පානය සදහා තරගය නතර කරනවිට කඩුලු 5 ක් දැවී ලකුණු 226 ක් රැස්කර ගෙන සිටියේය. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට වඩා තවත් ලකුණු 184 ක් පසුපසින් සිටියි.නොදැවී පන්දුවට පහරදෙන රෝෂෙන් සිල්වා ලකුණු 38ක් ද නිරෝෂන් දික්වැල්ල ලකුණු 11ක් ලබා ක‍්‍රීඩා කරයි.

ධනංජයද සිල්වා විශිෂ්ට පිතිහරඹක් දියත් කරමින් සිය තෙවැනි ටෙස්ට් ශතකය ලබාගනිමින් නොදැවී ලකුණු 119ක් ලබා සිටියදී පාදයේ ඇතිවු අබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වු අතර ඒ වන විට රොෂේන් සිල්වා සමගින් එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් නොබිදුණු ලකුනු 58ක සම්බන්ධතාවක් පැවත්වීමටද සමත් විය.

පන්දු 219කදී වාර්තා වු ධනංජයගේ ඉනිමට එක් හයේ පහරක් හා හතරේ පහර 15ක් ඇතුළත් වු අතර පන්දු 78කදී වාර්තා වු රොෂේන් ගේ ඉනිමට හතරේ පහර 07ක් ඇතුළත් විය.

ඇන්ජලෝ මැතිව්ස්ගේ අවාසනාවන්ත දැවී යාමෙන් පසු ධනංජය ද සිල්වා හා දිනේෂ් චන්දිමාල් පස්වැනි කඩුල්ල සදහා ලකුණු 112ක සම්බන්ධතාවක් ගොඩනගමින් කඩා වැටුණු ඉනිම ශක්තිමත් කළ අතර රවීචන්ද‍්‍රන් අශ්වින්ගේ පන්දුවක් හමුවේ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී යන විට ලකුණු 36ක් ලබා සිටියහ

ලකුණු 24 ක් රැස්කර සිටියදී රවින්ද්‍ර ජදේජාගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දිනේෂ් චන්දිමාල් දැවී ගිය පසු ප්‍රධාන විනිසුරු විසින් එම පන්දුව නිපන්දුවක්ද යන වග පරීක්‍ෂා කිරීම සදහා තෙවැනි විනිසුරුට යොමු කළේය. පුනරූපණ නැරඹීමේදී ජදේජාගේ පාදය සීමා ඉරෙන් එපිට පතිතවිම නිසා තෙවැනි විනිසුරු විසින් එම පන්දුව නිපන්දුවක් ලෙස නම් කිරීම හේතුවෙන් චන්දිමාල්ට තව දුරටත් කඩුල්ලේ රැඳී සිටීමේ වාසනාව හිමිවිය.

ස්ලිප්හී පන්දු රකිමින් සිටි අජින්ක්‍යා රහනේ වෙත උඩපන්දුවක් දෙමින් අද දින පළමු කඩුල්ල ලෙස ඇන්ජලෝ මැතිව්ස් දැවී ගියේය. පුනරූපණ නැරඹීමේදී ජදේජාගේ පාදය සීමා ඉරෙන් එපිට පතිතවන ආකාරයක් දිස්වුවද ප්‍රධාන විනිසුරු විසින් එම පන්දුව නිපන්දුවක්ද යන වග තෙවැනි විනිසුරුගෙන් විමසීමක් සිදුකිරීමට උනන්දුවක් නොදැක්වීම හේතුවෙන් මැතිව්ස්ට ක්‍රීඩාගාරය වෙත යෑමට සිදුවිය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක