Menu

විනිසුරු ඉන්දියාවට කඩේ යයි ..මැතිව්ස් නිපන්දුවකට දැවී යයි ..ශ්‍රී ලංකා ඉනිම අවධානමක.ජඩේජා යැවූ නිපන්දුව විනිසුරුට නොපෙනුණේ ඇයි?(VIDEO)

December 6, 2017

ඉන්දියාවට එරෙහි දිල්ලි ෆෙරේස් ෂා කොට්ලා ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ ජයග‍්‍රහණය සදහා ලකුණු 410 ඉලක්කයක් හඹා ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 04ක් දැවී ලකුණු 60ක් ලබා සිටියි.

මේ වන විට නොදැවී පන්දුවට පහර දෙන ධනංජයද සිල්වා ලකුණු 39ක්ද දිනේෂ් චන්දිමාල් ලකුණු 02ක්ද ලබා පිටියේ රැුදී සිටියි

සිවැවැනි දිනය සදහා ඊයේ දිනයට තරගය නතර කරන විට ලකුණු 31ක් ලබා සිටි ශ‍්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 4ක් එක් වෙද්දී එක් ලකුණක් ලබාසිටි ඇන්ජලෝ මැතිව්ස් ජඩේජා එවු පන්දුවකට ස්ලීප්හි පන්දුරකිමින් සිටි අජින්ක්‍යා රහානේ අතට උඩපන්දුයක් ලබා දෙමින් දැවී ගියහ.

කෙසේ වෙතත් එම දැවීයාමේ දර්ශන යළි නැරඹීමේදී ජඩේජා යැවු පන්දුව නිපන්දුවක් ලෙස දිස්වු අතර ඒ වන විට පන්දු යවන්නාගේ අන්තයේ විනිසුරු වශයෙන් කටයුතු කළේ ජෝයි විල්සන්ය.

මැතිව්ස් දැවී ගිය විඩියෝව මෙතැනින්

ඊයේ දිනයේදී  මොහොමඞ් ශාමී එවන ලද බවුන්සර් පන්දුවක් නිදැල්ලේ යැවීමට උත්සහ කිරීමේදී සධීර සමරවික්‍රමගේ අත් ආවරණයේ වැදුණු පන්දුව පළමු ස්ලිප්හී පන්දු රකිමින් සිටි අජින්ක්‍යා රහනේ විසින් රැකගැනීමත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව 14 ක් වන විට දැවී ගියේය. ප්‍රධාන විනිසුරු විසින් දැවී ගිය බවට තීරණය කළද ඉන් සැහීමකට පත්නොවූ සධීර සමරවික්‍රම විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියේය.

තෙවැනි විනිසුරු විසින් පුනරූපණ නැරඹීමේදී අත් ආවරණයේ යම්තමින් වැදුණු පන්දුව සධීර සමරවික්‍රමගේ උරහිසේ වේගයෙන් වදිමින් ස්ලිප්හී පන්දු රකිමින් සිටි අජින්ක්‍යා රහනේ වෙත ඇදී ගියේය.

ඊයේ දිනය නිමාවීමට පෙර රවින්ද්‍ර ජදේජා විසින් යවන ලද අවසන් ඕවරයේ පළමු පන්දුවෙන් දිමුත් කරුණාත්න දැවී ගිය අතර රාත්‍රි මුර පිතිකරු ලෙස පැමිණි සුරංග ලක්මාල්ද එම ඕවරයේ සිවුවැනි පන්දුවෙන් දැවී ගියේය.

ඉන්දියාව දෙවැනි ඉනිම සදහා කඩුලු 5 ක් දැවී ලකුණු 246 ක් රැස්කරමින් ඉනිම අත්හිටුවන විට ශ්‍රී ලංකාවට වඩා ලකුණු 409 ක් ඉදිරියෙන් සිටියේය.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක