Menu

සුනාමියක් නෑ.. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

December 5, 2017

බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඇති විය හැකි අඩු පීඩන තත්ත්වය තුළ සුනාමි අනතුරක් ඇති නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සුනාමි තත්ත්වයක් ඇතිවීමට නම් ඉන්දුනීසියාවේ හෝ පකිස්තානයට ආසන්න මුහුදු සීමාව තුළ භූ කම්පනයක් සිදුවිය යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් එස්. ප්‍රේමාලාල් මහතා අද (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

සුනාමි තත්ත්වයක් ඇතිවිය හැකි ආකාරයේ භූ කම්පනයක් ඇතිවී නොමැති බවත්, එහෙත් බෙංගාල බොක්ක ප්‍රදේශයේ සුළඟේ වේගය වැඩිවී මුහුද රළුවිය හැකි බවද පවසා සිටියේය.

සුනාමි තත්ත්වයක් ඇති වුවහොත් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් එහෙත් තවමත් එවැනි තත්ත්වයක් වාර්තා වී නොමැති බවද අධ්‍යක්‍ෂක ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක