Menu

උතුරු කොරියාවට එරෙහිව ඇමරිකාවෙන් කමාන්ඩෝ බලකායක්

May 5, 2017

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි වැනසීම සඳහා විශේෂයෙන් පුහුණු කළ කමාන්ඩෝ භට පිරිස්‌ යොදවා ගන්නා බව ඇමෙරිකානු ජෙනරාල් රේමන්ඩ් තෝමස්‌ හෙළි කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම කමාන්ඩෝ භටයන් කොරියානු අර්ධද්වීපයේ ස්‌ථානගත කර ඇති බවද හෙතෙම තවදුරටත් අනාවරණය කර ඇති බව සඳහන්.

එසේම 8000 කට අධික විශේෂ බළකායක්‌ ඕනෑම අවස්‌ථාවක න්‍යෂ්ටික අවි වැනසීමට සූදානම්ව සිටින බවද , උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි තිබෙන ස්‌ථාන චන්ද්‍රිකා ඡායාරූප මගින් සොයාගෙන ඇති බවද හෙතෙම වැඩි දුරටත් අනාවරණය කර තිබේ.

වැඩිපුරම කියැවූ පුවත්