Menu

සංචාරකයකුට කොමඩෝ මකර ප්‍රහාරයක්(PHOTO)

May 4, 2017

ඉන්දුනීසියා නැගෙනහිර නුසා ටෙන්ගාරා ප්‍රදේශයේ දී ලොව විශාලම උරග වර්ගය ලෙසින් හැදින්වෙන  කොමඩෝ මකර ප්‍රහාරයකින් සංචාරකයකු තුවාල ලබා ඇත.

සිංගප්පූරු ජාතික ලෝන් ලී නම් තැනැත්තා  කොමඩෝ ජාතික සත්ව උද්‍යානයේ දී 3 බදාදා මෙම ප්‍රහාරයට ලක් වී ඇත.

පසුගිය පස් වසර තුළ සිදු වූ ප්‍රථම කොමඩෝ ප්‍රහාරය මෙය බව උද්‍යාන පාලකයන් විසින් පවසා තිබේ.

ඉන්දුනීසියා දුපත් කිහිපයකට ආවේණික මෙම උරග විශේෂයේ සපාකෑම් ඉතා විසකුරු ලෙසින් සලකනු ලැබේ.

සමීපයට ගොස් ඡායාරූප ගැනීමෙන් වළකින ලෙස ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා හට අනතුරු අගවා තිබුණ නමුත් එය නොසලකා හැරීම නිසා කොමඩෝ මකරකු විසින් ඔහුගේ වම් කකුල කිහිප වතාවක්ම සපා කා ඇත.

“කොමඩෝ මකරුන් ආහාර ගැනීමේදී  බාධා කරනවාට අකමැතියි. ඔහු මේ උරගයන්ට ගොඩක් සමීප වන්නට ඇති,” යි කොමඩෝ ජාතික සත්ව උද්‍යානයේ භාරකරු සුදියොනෝ ජකර්තා පොස්ට් පුවත් සේවය වෙත පවසා තිබේ.

“මෙම සංචාරකයා මුදල් ඉතිරි කරගැනීමට දේශීය මග පෙන්වන්නම් සමග දින තුනක් ගත කර තිබෙනවා. නමුත් නිල මාර්ගෝපදේශනයකින් තොරව කොමඩෝ මකරුන් නැරඹීමට ගොස් ඔබේ ආරක්ෂාව අනතුරේ  දමන්න එපා,” ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ප්‍රහාරය නිසා තුවාල ලත් පුද්ගලයා හමුදා වේග බෝට්ටුවක් ආධාරයෙන් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ගෙන ගොස්  තිබේ.

ඉන්දුනීසියාවේ ජකර්තා හි කොමඩෝ ජාතික උද්‍යානයේ කිලෝමීටර 1600 ක පමණ භූමි ප්‍රමාණයක කොමඩෝ මකරුන් 5000 ක් වාසය කරන බව තක්සේරු කර ඇත.

-gagana

වැඩිපුරම කියැවූ පුවත්