Menu

නිවියෝර්ක් ත්‍රස්ත ප්‍රහාරයෙන් 8ක් මරුට

November 1, 2017

ඇමරිකාවේ නියෝර්ක් නුවර මෑන්හැට්න්හි පා පැදි මංපෙතකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් අට දෙනෙකු මිය ගොස් තවත් එකොළොස් දෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.

මෙම මංපෙතට හදීසියේ කඩා වැදුණු ට්‍රක් රථයක පැමිණි පුද්ගලයකු යාන්ත්‍රික තුවක්කුවකින් වෙඩි තබන්නට වූ බව සිද්ධිය සියැසින් දුටුවෙකු පවසා තිබේ.

පසුව මෙම ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 2010 වසර සිට ඇමරිකාවේ පදිංචි සයිපුල්ලෝ සයිෆෝට් ලෙස හඳුනාගෙන තිබේ.

ඔහු පැමිණි රථයේ තිබී අයි එස් අයි එස් ත්‍රස්තවාදීන්ට අයත් ලියකියවිලි කිහිපක් සොයාගෙන ඇති බව පැවසේ.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක