Menu

දකුණු කොරියාවේ තාඩ් මිසයිල පද්ධතිය වෙනුවෙන් ඇමරිකාවෙන් ඩොලර් බිලියනයක්

May 2, 2017

උතුරු කොරියාවෙන් එල්ල විය හැකි මිසයිල ප්‍රහාරයක් ගුවනේදීම නතර කළ හැකි තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය දැන් දකුණු කොරියාවේ මුළුමනින්ම සක්‍රියව පවතින බව ඇමරිකානු ආරක්ෂක අංශ ප්‍රකාශ කළා.

කෙසේ නමුත් එමගින් තම මිසයිල ශක්තිය හීන වන අතර, කලාපයේ ආරක්ෂක සමතුලිතතාව බිඳ වැටෙන බව පවසමින් චීනය දැඩි විරෝධයක් පළ කරනවා.

මේ හේතුවෙන් දකුණු කොරියානු ව්‍යාපාරවලට චීනය විසින් සම්බාධක රැසක් පනවා ඇති අතර, චීනයේ ක්‍රියාත්මක වන දකුණු කොරියානු සුපිරි වෙළඳසැල් ජාලයක වෙළදසැල් 99කින් 85ක්ම දැනටමත් වසා දමා අවසන්.

චීනයේ සිය මෝටර් රථ අලෙවිය ද කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බවයි දකුණු කොරියානු යුන්ඩයි මෝටර් රථ නිෂ්පාදන සමාගම ප්‍රකාශ කළේ.

තාඩ් මිසයිල පද්ධතිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක් ගෙවන ලෙස ජනපති ට්‍රම්ප් දකුණු කොරියාවට දැනුම් දී තිබෙනවා.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක