Menu

මාලිංග – මැතිව්ස් නොමැතිව හෙට තරගයට ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙන්න

October 12, 2017

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අතර තරග 05කින් යුත් එක්දින තරගාවලිය හෙට ඩුබායි අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි

ඓතිහාසික ටෙස්ට් ජයග‍්‍රහණයට පසුව ශ‍්‍රී ලංකා කණ්ඩායම ජයග‍්‍රාහී මානසිකත්වයෙන් එක්දින තරගාවලියට මුහුණ දෙන අතර ටෙස්ට් තරඟාවලියට වඩා එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල වීමට ඉඩ ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් රංගන හේරත් දිල්රුවන් පෙරේරා වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයන් ඉවත් වන විට පාකිස්ථාන සීමිත පන්දුවාර තරඟාවලියට ක්‍රීඩා කරන සංචිතයට ෂොහිබ් මලික් ,මොහොමඩ් හෆීස් වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයන් එකතු වෙන නිසාවෙනි.

තරඟ තහනමක් නිසා ධනුෂ්ක ගුණතිලකද,අභාදයන් නිසා ඇන්ජලෝ මැතිව්ස්,අසේල ගුණරත්න ,කුසල් ජනිත් වැනි ක්‍රීඩකයන් අහිමි ශ්‍රී ලංකා එක්දින සංචිතයට මෙවර ලසිත් මාලිංගද එකතු වන්නේ නැත.

හෙට තරගයට ක‍්‍රිඩා කළ හැකි කණ්ඩායම

ශ‍්‍රී ලංකා කණ්ඩායම

නිරෝෂන් දික්වැල්ල
උපුල් තරංග
කුසල් මෙන්ඩිස්
දිනේෂ චන්දිමාල්
ළහිරු තිරිමාන්න
මිලින්ද සිරිවර්ධන
තිසර පෙරේරා
සීකුගේ ප‍්‍රසන්න
අකිල ධනංජය
සුරංග ලක්මාල්
නුවන් ප‍්‍රදීප්

පාකිස්තානු කණ්ඩායම

අහමඩ් ශේෂාඩ්
ෆකර් සමාන්
බාබර් අසාම්
මොහොමඩ් හෆීස්
ශොහිබ් මලික්
සෆ්රාස් අහමඩ්
ඉමාඩ් වසීම්
ශඩාබ් ඛාන්
හසන් අලී
රමන් රයීස්
ජුනයිඩ් කාන්

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක