Menu

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට නොතීසි

October 12, 2017

අධිකරණයට අපහාසයට කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ඔක්තෝබර් 25 වනදා උසාවියේ පෙනී සිටිමට නොතීසි නිකුත් කර තිබේ.

අද(12) දින බුවනෙක අලුවිහාරේ ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරුවන් විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් හා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු විසින් ඉදිරිපත් කරනු ලැබු පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණයට එළඹ තිබේ.

පසුගිය අගෝස්තු 21 මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් මෙරට බහුතරයක් නීතිඥයින් දූෂිතයින් බවට ප්‍රකාශ කළ බවත්, පාර්ලිමේන්තු නියෝජිතයෙකු මෙවැනි ප්‍රකාශයක් තුළින් මහජනායට නීතිය සම්බන්ධයෙන් ඇති විශ්වාසය බිඳ වැටීමට ඉඩ ඇති බවත්, ඒ තුළින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව ද පෙත්සම්කරුවන් සඳහන් කර ඇත.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක