Menu

පාකිස්තානුවන් පරදා ඉහළට පැමිණීමට සිංහයන් ට අවස්ථාවක්.. එක්දින තරගාවලියේ ප‍්‍රතිඵලය මත ශ්‍රේණිගත කිරීමේ වෙනස් වන්නේ මෙහෙමයි

October 12, 2017

පාකිස්තානුවන් පරදා ඉහළට පැමිණීමට සිංහයන් ට අවස්ථාවක්.. එක්දින තරගාවලියේ ප‍්‍රතිඵලය මත ශ්‍රේණිගත කිරීමේ වෙනස් වන්නේ මෙහෙමයි

සංචාරක ශ‍්‍රී ලංකා කන්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග 05කින් යුත් එක්දින තරගාවලිය හෙට ඩුබායිහීදි ආරම්භ වීමට නියමිතයි.

සාර්ථක ටෙස්ට තරගාවලි ජයග‍්‍රහණයකින් පසුව ජයග‍්‍රාහි මානසිකත්වයකින් ශ‍්‍රී ලංකා කණ්ඩායම හෙට තරගයට පිවිසෙන අතර එම එක්දින තරගාවලියද සාර්ථකව නිම කිරීමට හැකිවේනම් අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගතකිරීම්වල ඉහළට පැමිණීමේ අවස්ථාවක් ද ශ‍්‍රී ලංකා කණ්ඩායම හිමිව ඇත.

මේ වන විට එක්දින ශ්‍රේණිගති කිරීම්වල පාකිස්තානු කණ්ඩායම ප‍්‍රසාද ලකුණු 95ක් ලබා 06වන ස්ථානයේත්  ශ‍්‍රී ලංකා කණ්ඩායම ප‍්‍රසාද ලකුණු 86ක් ලබා 08 ස්ථානයේත් පසුවන අතර තරගාවලිය 5 -0 ලෙස ශ‍්‍රී ලංකාව ජයගතහොත් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ප‍්‍රසාද ලකුණු 91ක්  ලබා 07වන ස්ථානයට පැමිණිමට ශ‍්‍රී ලංකාවට හැකි වනු ඇත.

Pakistan beats Sri Lanka 5-0 – Pakistan 99 Sri Lanka 83

Pakistan beats Sri Lanka 4-1 – Pakistan 97, Sri Lanka 85

Pakistan beats Sri Lanka 3-2 – Pakistan 95, Sri Lanka 86

Sri Lanka beats Pakistan 3-2 – Pakistan 93, Sri Lanka 88

Sri Lanka beats Pakistan 4-1 – Pakistan 91, Sri Lanka 89

Sri Lanka beats Pakistan 5-0 – Sri Lanka 91, Pakistan 89

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක