Menu

ඉන්දියානු ප‍්‍රබල වේගපන්දු යවන්නා ක‍්‍රිකට් පිටියෙන් සමුගනියි

October 12, 2017

එළැඹෙන නොවැම්බර් මස නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියෙන් පසුව සියලුම ක‍්‍රිකට් තරගවලින් සමුගන්නා බව ඉන්දියානු වේගපන්දු යවන ක‍්‍රිඩක අශිෂ් නෙහෙරා පවසනවා.

ක‍්‍රිකට් තරගවලින් ඉවත්වීම තමන්ගේ තීරණයක් බවත් තමාගේ පේ‍්‍රක්ෂකයින් ඉදිරියේදීම තමන්ට සමුගැනීමට අවශ්‍ය බවත් පවසා ඇති නෙහෙරා නායක විරාත් කෝලි හට හා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු රවී ශාස්ත‍්‍රී හට මේ බව දැනුම් දී ඇත.

නෙහෙරා අවසන් වරට ජනවාරි මාසයේ එංගලන්තය සමග පැවැති විස්සයි විස්ස තරගයට සහභාගී වු අතර අයි පී එල් තරගාවලිය අතරතුරදී ඇති වු අබාධ තත්වයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වීමටද සිදුවුනා

ඒ අනුව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ දිල්ලිහීදී නොවැම්බර් මස 1වැනිදා පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය නෙහෙරා ක‍්‍රීඩා කරනු ඇති බවත් එම ඔහුගේ අවසන් තරගය වනු ඇති බවත්ය

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක