Menu

ආන්දෝලනයට තුඩු දුන් තිරිමාන්න හා කපුගෙදර කණ්ඩායමට කැදවීමට හේතුව මෙන්න

October 12, 2017

ආන්දෝලනයට තුඩු දුන් තිරිමාන්න හා කපුගෙදර කණ්ඩායමට කැදවීමට හේතුව මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලබ්රෝයි ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් ගැන සහ ක්‍රිකට් ලෝලීන් අතර වැඩි කතා බහට ලක්වූ කරුණු පිළිබඳව thepapare සමඟ සාකච්චාවකට එකතු වෙමින් හෙළි කර ඇත.

කණ්ඩායමට කලකට පසුව එකතු වූ ලහිරු තිරිමාන්න ටෙස්ට් කණ්ඩායමේ උප නායකයා ලෙසින් නම් කිරීම පිළිබඳව ලැබ්රෝයි පවසා ඇත්තේ එය අතීතය මෙන්ම අනාගතය පිළිබඳ වද සිතා ගත් තීරණයක් බවයි.

“තිරිමාන්න කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක් ඔහු පහුගිය ඉන්දීය එක්දින තරඟ මාලාවේ පෙන්වපු දක්ෂතා බලල තමයි අපි ටෙස්ට් කණ්ඩායමට ගෙනාවේ.අපේ ක්‍රිකට් ක්‍රීඩාව 70 දශකයේ ඉඳල ආපු විදිය බලද්දී,නායක උපනායක දෙදෙනාගේ වටේ තමයි කණ්ඩායම එකතු වෙලා ඉදිරියට ඇවිත් තියෙන්නේ.ඉතින් අපිට අවශ්‍යයි දිගුකාලීන නායක උප නායක දේපලක්.චන්දිමාල් ,තිරිමාන්න කියන්නේ අපේ ක්‍රිකට් වලට ලොකු දෙයක් කරන්න පුළුවන් දෙන්නෙක් ඒ නිසා තමයි ,හොඳ සුසංයෝගයක් හදන්න ලහිරු උපනායකයා කලේ.”

පසුගිය තරඟමාලාවල එතරම් දක්ෂතා දැක්වීමට සමත් නොවූ එක්දින තරඟ 100 කට වඩා ක්‍රීඩා කලත් තවමත් ශතකයක් ලබා ගැනීමට අපොහොසත් වූ චාමර කපුගෙදර නැවත ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවීම පිළිබඳව ද ලැබ්රෝයි තම මතය හෙළි කර ඇත.

“කපුගෙදර කියන්නේ පහුගිය කාලේ ගොඩක් අවස්ථාවල කණ්ඩායමට සැරින් සැරේ ආපු ක්‍රීඩකයෙක්,ඔහුට ලැබුන අවස්ථා වලින් ඔහු හරි වැඩක් අරගෙන නෑ.මේ අවස්ථාව ඔහුට ලැබෙන්නේ අපේ මැදපෙළ පිතිකරුවෝ වන ඇන්ජලෝ,අසේල සහ කුසල් ආභාද නිසා කණ්ඩායමේ නැති නිසා.මේ අය ආවම මැදපෙළ ප්‍රශ්නය විසඳෙයි.”

මේ දිනවල ඉතා හොඳින් ලකුණු අතර සිටින දිමුත් කරුණාරත්නට අවස්ථාවක් නැති වීම පිළිබඳ වද තේරීම් කමිටු සභාපති වරයා තම අදහස් දක්වා ඇත.

“දිමුත් කියන්නේ එක්දින තරඟ වලටත් සුදුසු ක්‍රීඩකයෙක්.ඔහු මේ දිනවල හොඳටම ලකුණු අතරත් ඉන්නවා.ඒත් ප්‍රශ්නය තියෙන්නේ ඔහුගේ පිතිකරණ ස්ථානය ආරම්භක පිතිකරුවා වීම.ඉතින් එක්දින කණ්ඩායමේ මේ තැනට අපිට මේ වෙද්දී විකල්ප තියනවා.ඒ නිසා මම හිතන්නේ නෑ,දිමුත් මේ වෙලාවේ එක්දින කණ්ඩායමට දාල ඔහුට අනවශ්‍ය පීඩනයක් දෙන්න ඕන කියල.”

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක